වංචා, දූෂණ මැඬීමට සහ කළු සල්ලි පිළිබඳ තොරතුරු සෙවීමට මූල්‍ය ක්ෂේත්‍රය හා එක්ව කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බව බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍යාංශය අද (14) ප්‍රකාශ කළේය.
ආර්ථික අපරාධ උපායමාර්ගික මණ්ඩලය යනුවෙන් එම කාර්ය සාධක බලකාය නම් කර ඇති අතර සැන්ටැන්ඩර්, ලොයිඞ්ස් සහ බාර්ක්ලේස් යන බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ බැංකු හා මූල්‍ය ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් එම මණ්ඩලයේ සාමාජිකයෝ වෙති.
මෙම කාර්ය සාධක බලකාය මගින් අල්ලස් සහ මුදල් විශුද්ධිකරණය මැඬීමට පියවර ගන්නා බව ද පැවසේ.
“වංචා හා දූෂණවලට එරෙහිව හැකි සෑම ආකාරයකින්ම පියවර ගන්න ඕනේ. බොහෝ පිරිසක් කළු සල්ලි සුදු කරමින් සහ අල්ලස් ගනිමින් තම සාක්කු පුරවා ගන්නවා. ඒ වගේම නීත්‍යනුකූලව ජීවත්වන මිනිස්සුන්ගේ මුදල්වලින් ඔවුන් සුඛෝපභෝගී ජීවිත ගත කරනවා” යැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සජීද් ජාවිද් පැවැසීය.
අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සජීද් ජාවිද් සහ මුදල් අමාත්‍ය පිලිප් හැමන්ඞ් යන දෙදෙනා මෙම කාර්ය සාධක බලකායේ සභාපතීත්වය හොබවති.
බ්‍රිතාන්‍ය භාණ්ඩාගාරයේ තොරතුරුවලට අනුව එරට තුළ වාර්ෂිකව පවුම් බිලියන 14.4 (එක්සත් ජනපද ඩොලර් බිලියන 18.50) ආර්ථික අපරාධ සිදුවන බව පැවසේ.
මේ තත්ත්වය මත බ්‍රිතාන්‍ය ඉපැයූ ආකාරය සනාථ නොකළ ධනය , මුදල් හා ආදායම්වලට එරෙහිව නිත්‍යනුකූල පියවර ගැනීමට කටයුතු අරඹා ඇත. ඒ අනුව සැක කටයුතු ධනය හා වත්කම් රාජසන්තක කිරීමට ද බ්‍රිතාන්‍ය පියවර ගෙන තිබේ.
රුසියාවෙන්, නයිජීරියාවෙන්, සෝවියට් සමූහාණ්ඩුව පැවැති සමයේ ඊට අයත්ව රටවල් සහ ආසියාවෙන් බි්‍රතාන්‍යයට ලැබෙන මුදල් සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කරන බව ද බ්‍රිතාන්‍ය බලධාරිහු කීහ.
“නීතිවිරෝධී මුදල්වලට එරෙහි සටනේදී එක්සත් රාජධානිය ඉදිරියෙන්ම සිටිනවා. තවත් බොහෝ දේ කළ හැකි බව අප දන්නවා” යැයි බ්‍රිතාන්‍යයේ මුදල් අමාත්‍ය පිලිප් හැමන්ඞ් පැවැසීය.
රොයිටර් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd