ඉන්දීය රජය විසින් වායු දූෂණය අවම කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් හදුන්වා දී ඇත. 2024 වන විට වායු දූෂණය 20-30 % ට කින් අඩු වනු ඇතැයි බලාපොරොත්තු වේ. 
 
ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ වායූ දූෂණය ද මේ වන විට වඩාත් ඉහළ මට්ටමක පවතින අතර එවැනි දූෂණය ඉතා ඉහළ මට්ටමක පවතින නගර 102 ක් කෙරේ. මෙහිදී අවධානයට ලක් කරනු ඇත. 
 
වායු දූෂණයට එරෙහිව කටයුතු කරන ක්‍රියාකාරීන් සඳහා  මෙම සැලැස්ම මඟපෙන්වන ලේඛනයක් වනු ඇති බව මේ පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය පරිසර අමාත්‍ය හර්ෂ් වර්ධන් මහතා කීවේය. 
 
සැලැස්ම යටතේ ආකාර ගණනාවක ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම සඳහා යෝජනා කර ඇති අතර එය මධ්‍යම අමාත්‍යංශ රාජ්‍ය සහ නාගරික මට්ටමේ ආයතන මගින් ඒවා ක්‍රියාවට නැංවනු ලබයි.
 
රථවාහන, කාර්මික සහ තාප බල විමෝචනය සහ දැව දහනය, ගඩොල් නිෂ්පාදනය ආදිය නිසා සිදුවන  වායු දූෂණය පිළිබඳ එහිදී අවධානය යොමු කරනු ඇත. 
 
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලෝකයේ වඩාත් දූෂිත නගර 10 අතරින් 9ක්ම  ඉන්දියාවේ පිහිටා ඇත.  2017 වර්ෂයේ මිලියන 1.24 ක් මියගොස් ඇත. 
 
(65226)