ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි 30,000 අධික ගුරුවරුන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වී සිටිති. 
 
ගෞරවාන්විත ඉහළ වැටුප් ගෙවීමක් සහ පාසල්වල උපකරණ, පන්ති කාමර ආදී පහසුකම් ඉල්ලා මෙම දැවැන්ත වර්ජනය ආරම්භ කර ඇත. 
 
පාසල් 900 ක පමණ ශිෂ්‍යයන් 500,000 ක් පමණ ඉගෙනුම ලබන දෙවැනි විශාලතම පොදු පාසල් පද්ධතිය ලොස් ඇන්ජලීස් හි පිහිටා ඇත. 
 
පාසල් විවෘතව තිබුණු නමුත් බොහෝ දෙමාපියන් තම දරුවන් නිවසේ තබා ගැනීමට තීරණය කර ඇත. 
 
මාස ගණනක සාකච්ඡාවෙන් පසු ඔවුන් මෙම විරෝධය ආරම්භ කර ඇති අතර ඇමෙරිකාව පුරාම මෙම වර්ජනය ක්‍රියාත්මක වනු ඇතැයි ලොස් ඇන්ජලීස් හි ගුරු සංගමය ප්‍රකාශ කරයි.
 
(63226)