විදෙස් ආයෝජන මත පනවා තිබෙන සීමා ඉවත් කරමින් විදෙස් ආයෝජකයන් මුහුණ දෙන ප්‍රශ්න විසඳීමට පියවර ගන්නා බව චීනය පවසයි.
චීනයේ ආයෝජන කරන විදෙස් සමාගම්වලට පූර්ණ හිමිකාරීත්වය ලබාදීමට කටයුතු කිරීම කෙරෙහි ද චීනයේ අවධානය යොමු වී තිබේ. එරට වාණිජ කටයුතු අමාත්‍ය ෂොන්ග් ෂාන් රාජ්‍ය මාධ්‍ය ආයතනයකට දුන් සම්මුඛ සාකච්ඡාවක පිටපතකින් මෙම කරුණු අනාවරණය වී ඇත.
ආර්ථිකයේ විවිධ අංශවල ආයෝජන කරන විදෙස් සමාගම්වලට ඒවායේ පූර්ණ හිමිකාරීත්වය ලබාදීම, සීමාකර ඇති හා තහනම් කර ඇති කර්මාන්ත හා ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට විදෙස් සමාගම්වලට අවසර ලබාදීම යනාදී එකඟතා ඇති වී තිබේ.
සම්මුඛ සාකච්ඡාවේ අදාළ පිටපත චීනයේ වාණිජ කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇත.
චීන බලධාරීන් අවස්ථා කිහිපයකදීම එරට ආර්ථිකය විවෘත කරන බව ප්‍රකාශ කළත් ඒවා ක්‍රියාත්මක නොවිණි.
පසුගිය වසරේදී ඊට පෙර වසර හා සැසඳීමේදී විදෙස් ආයෝජන 3% කින් එක්සත් ජනපද ඩොලර් බිලියන 135 ක් දක්වා ඉහළ ගිය බව ද වාණිජ අමාත්‍ය ෂොන්ග් පැවැසීය.
වාණිජ අමාත්‍යාංශය චීනයේ මධ්‍යම සහ බටහිර පළාත්වල ආයෝජනය කිරීම සඳහා විදෙස් ආයෝජකයන් උනන්දු කරවන බව ද අමාත්‍යවරයා කීවේය.
රොයිටර් අසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd