IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


චීනය විදෙස් ආයෝජනවලට පනවා ඇති සීමා ඉවත් කරන්න යයි

විදෙස් ආයෝජන මත පනවා තිබෙන සීමා ඉවත් කරමින් විදෙස් ආයෝජකයන් මුහුණ දෙන ප්‍රශ්න විසඳීමට පියවර ගන්නා බව චීනය පවසයි. 
 
චීනයේ ආයෝජන කරන විදෙස් සමාගම්වලට පූර්ණ හිමිකාරීත්වය ලබාදීමට කටයුතු කිරීම කෙරෙහි ද චීනයේ අවධානය යොමු වී තිබේ.  එරට වාණිජ කටයුතු අමාත්‍ය ෂොන්ග් ෂාන් රාජ්‍ය මාධ්‍ය ආයතනයකට දුන් සම්මුඛ සාකච්ඡාවක පිටපතකින් මෙම කරුණු අනාවරණය වී ඇත.
 
ආර්ථිකයේ විවිධ අංශවල ආයෝජන කරන විදෙස් සමාගම්වලට ඒවායේ පූර්ණ හිමිකාරීත්වය ලබාදීම, සීමාකර ඇති හා තහනම් කර ඇති කර්මාන්ත හා ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට විදෙස් සමාගම්වලට අවසර ලබාදීම යනාදී  එකඟතා ඇති වී තිබේ.
 
සම්මුඛ සාකච්ඡාවේ අදාළ පිටපත චීනයේ වාණිජ කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇත.
  
චීන බලධාරීන් අවස්ථා කිහිපයකදීම එරට ආර්ථිකය විවෘත කරන බව ප්‍රකාශ කළත් ඒවා ක්‍රියාත්මක නොවිණි.
 
පසුගිය වසරේදී ඊට පෙර වසර හා සැසඳීමේදී විදෙස් ආයෝජන 3% කින් එක්සත් ජනපද ඩොලර් බිලියන 135 ක් දක්වා ඉහළ ගිය බව ද වාණිජ අමාත්‍ය ෂොන්ග් පැවැසීය.
 
වාණිජ අමාත්‍යාංශය චීනයේ මධ්‍යම සහ බටහිර පළාත්වල ආයෝජනය කිරීම සඳහා විදෙස් ආයෝජකයන් උනන්දු කරවන බව ද අමාත්‍යවරයා කීවේය. 
 
රොයිටර් අසුරිනි
 
 
055



අදහස් (0)

චීනය විදෙස් ආයෝජනවලට පනවා ඇති සීමා ඉවත් කරන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1633 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 559 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 640 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site