තුර්කි පැසිපන්දු ක්‍රීඩක ඉනෙස් කැන්ටර් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇත.
26 හැවිරිදි ඔහුට 2016 වසරේ තුර්කි ජනාධිපතිවරයාට එරෙහිව කුමන්ත්‍රණය සිදුකිරීමට සම්බන්ධ බවත් සන්නද්ධ කන්ඩායම් සමඟ සබඳතා පැවැත්වන බවටත් චෝදනා එල්ල වී ඇත.
ඉනෙස් කැන්ටර් ඇමරිකානු ක්‍රීඩා සමාජයක සාමාජිකයෙක් වන අතර 2017 වර්ෂයේදී ඔහුගේ තුර්කි ගමන් බලපත්‍රය අවලංගු කරන ඇත.
“මගේ වැරදි ගැන කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට තුර්කි ආණ්ඩුවට නොහැකිය.මම සැමවිටම නීතියට අනුකූලව ජීවත් වන අයෙක්“ යැයි ඔහු මුහුණු පොත් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේය.
තහනම් කරන ලද සංවිධානයක් සමඟ සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විශ්ව විද්‍යාල මහචාර්යවරයෙකු වන ඔහුගේ පියාට 2018 වර්ෂයේ ජුනි මාසයේදී වරෙන්තුවක් නිකුත් කර ඇත.
මේ වන තුර්කි ජනාධිපතිවරයාට එරෙහි කුමන්ත්‍රණ කිරීමට සම්බන්ධ පුද්ගලයන් 50,000 කට අධික පිරිසක් සිරගතකර ඇත.
බීබීසී ඇසුරෙනි
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd