යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී අද (15) ඓතිහාසික ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ඇති කර ගන්නා ගිවිසුමට පසුගිය නොවැම්බර් මාසයේදී යුරෝපා නායකයන්ගේ අනුමැතිය හිමි වුවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බොහෝ පිරිසක් විවිධ හේතූ නිසා ඊට තම විරෝධය පළ කර ඇත.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතව ඇත්තේ මාර්තු 29 වැනිදාය. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය ඉදිරිපත් කරන ලද යුරෝපා සංගමයේ නායකයන්ගේ අනුමැතිය හිමි වූ ගිවිසුමට බ්‍රිතාන්‍ය අගමැතිනිය නියෝජනය කරන කන්සර්වේටිව් පක්ෂයේ බොහෝ දෙනා ද සිය විරුද්ධත්වය පළ කර තිබේ.
මේ අතරවාරයේදී අගමැතිනියට එරෙහිව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ගෙන එන බව විපක්ෂ නායක ජෙරමි කෝබින් ප්‍රකාශ කර ඇත.
අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන් ඡන්ද විමසීමෙන් පසු කුමක් වනු ඇත්දැයි බොහෝ දෙනා විමසිල්ලෙන් බලා සිටිති.
ඡන්ද විමසීමේදී බි්‍රතාන්‍ය අගමැතිනියගේ ගිවිසුම පරාජයට පත් වුවහොත් ඇය අලුත් ගිවිසුමක් ඉදිරිපත් කරන්නේ ද ?, ඇය ධුරයෙන් ඉල්ලා අස්වන්නේ ද ? බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය ප්‍රමාද වන්නේ ද නැතහොත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේ ද යන ප්‍රශ්න පැන නැගී තිබේ.
මේ තත්ත්වය මත එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමේ අගය ද ඉහළ ගොස් තිබේ. ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයෙන් පසු පළමු වරට පවුමක අගය ඩොලර් 1.29ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd