‘ක්‍රිස්ටියන් ඩිමොක්රටික්’ පක්ෂයට නව නායකයකු පත්කිරිමේ ඡන්ද විමසීම ඇරඹේ ඇන්ජෙලා මර්කෙල්ගේ ‘ක්‍රිස්ටියන් ඩිමොක්රටික්’ පක්ෂයට නව නායකයකු පත් කරගැනෙන ඡන්ද විමසීම අද (7) පැවැත්වේ. 07 December 2018
ඛනිජ තෙල් නිෂ්පාදනය ගැන ඔපෙක් සංවිධානය සාකච්ඡාවක් ඛනිජ අපනයනකරුවන්ගේ සංවිධානයේ සාමාජිකයන් (ඔපෙක්) සහ අනෙක් තෙල් නිෂ්පාදනය කරන රටවල නියෝජිතයන් අද ඔස්ට්‍රියාවේ වියානා නුවරදී හමුවීමට නියමිතය. 06 December 2018
නවදිල්ලියේ වායු දුෂණය ඉහළ යාමෙන් පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානමක් ඉන්දියාවේ නවදිල්ලි නුවර ස්වාභාවික වායු දුෂණය ඉහළ ගොස් ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති. 06 December 2018
වායු දූෂණයෙන් ලොව පුරා මිලියන 7 ක් මියයති වායු දූෂණයෙන් සෑම වර්ෂයකදීම ලොව පුරා මිලියන 7ක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 06 December 2018
කහ කබාකාරයන්ගේ විප්ලවය 2019 ජනවාරී 1 වැනි දා සිට ඉන්ධන මිල යුරෝ සෙන්ටිම් 7 කින් ඉහළ දැමීමට ප්‍රංශ රජය තීරණය කළේය. වර්තමාන ප්‍රංශ රජය විසින් මෙම ප්‍රකාශය කරනු ලැබුවේ පසුගිය ඔක්තෝබර් පළමු සතියේය. ඒ අතරතුර විශ්‍රාමිකයන්ගේ මාසික වැටුපට අනුබද්ධ දැනට අයකර ගන්නා බදු ප්‍රතිශතය 1.7% කින් ඉහළ දැමීමට තීරණය කළේය. 06 December 2018
උතුරු කොරියාව යළිත් දිගුදුර මිසයිල නිපදවයි උතුරු කොරියාව යළිත් වරක් දිගුදුර මිසයිල නිපදවමින් සිටින බව චන්ද්‍රිකා තාක්ෂණික ඡායාරාප ඔස්සේ ඇමෙරිකාව අනාවරණය කර ගනී. 06 December 2018
ඇමෙරිකානු ගුවන් යානා දෙකක් අනතුරකට ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා දෙකක් ජපානයේ හිරෝෂිමා මුහුදු තීරය ආසන්නයේ දී අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 06 December 2018
එක්සත් ජනපදය සෝමාලියාවේ පළමු රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම අරඹයි එක්සත් ජනපදය වසර 30 කට අාසන්න කාලයකට පසුව සෝමාලියාවේ පළමු රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම ආරම්භ කර ඇත. 05 December 2018
හූති කැරැලිකරුවන් සමඟ සාකච්ඡා ඇරඹීමට පිරිසක් ස්වීඩනයට ඉරානයේ සහාය ලබන හූති කැරැලිකරුවන් සමඟ සාකච්ඡා ඇරැඹීම සඳහා සෞදියේ සහාය හිමිවන යේමන ආණ්ඩුවේ පිරිසක් අද (05) ස්වීඩනයට පැමිණියහ. 05 December 2018
ඉන්දියාව දියුණු තාක්ෂණයෙන් යුත් චන්ද්‍රිකාවක් ගුවන්ගත කරයි ප්‍රංශ රොකට්ටුවක ආධාරයෙන් ඉන්දියාව විශාල චන්ද්‍රිකාවක් ගුවන්ගත කර ඇත. 05 December 2018
යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ගිවිසුමට බ්‍රිතාන්‍ය අගමැතිනිය විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරයි යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසුමේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ කන්සර්වේටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් අද (05) පැවැසීය. 05 December 2018
මියගිය කතකගේ ගර්භාෂයක් බද්ධ කිරීමෙන් සාර්ථක දරු උපතක් මිය කාන්තාවකගේ ගර්භාෂයක් බද්ධ කිරිමෙන් පසුව බ්‍රසීලයේ කාන්තාවක් සාර්ථක ලෙස දරු උපතක් සිදු කර ඇති බව වාර්තා වෙයි. මෙවැනි ක්‍රියාවක් සාර්ථක වු ප්‍රථම අවස්ථාව මෙය වේ. 05 December 2018
නිව්කැලිඩෝනියා දිවයින ආසන්නයේ භූ කම්පනයක් පැසිෆික් සාගරයේ නිව්කැලිඩෝනියා දිවයින ආසන්නයේ රිච්ටර් මාපාංක 7.5ක විශාලත්වයෙන් යුත් ප්‍රබල භූ චලනයක් සිදුවී ඇතැයි වාර්තා වේ. 05 December 2018
බ්‍රිතාන්‍යය ආණ්ඩුව පාර්ලිමේන්තුවට අපහාස කරලා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳව සම්පූර්ණ නෛතික උපදේශය ප්‍රසිද්ධ කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් අගමැතිනි තෙරේසා මේගේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට අපහාස කර ඇතැයි අනාවරණය වී ඇත. 04 December 2018
ඔපෙක් සංවිධානය තෙල් නිෂ්පාදනය සීමා කිරීමට යයි තෙල් නිෂ්පාදනය සීමා කිරීම සඳහා තෙල් අපනයනය කරන රටවල සංවිධානය මේ සතියේදී එකඟතාවයකට එළැඹීමට නියමිත බව වාර්තා වේ. 04 December 2018
ඉන්දුනීසියාවේ වෙඩි තැබීමකින් ඉදිකිරීම් සේවකයෝ 24ක් මියයති ඉන්දුනීසියාවේ නැගෙනහිර පැපුවා පළාතේ සිදුවූ වෙඩි තැබීමකින් ඉදිකිරීම් සේවකයන් 24දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 04 December 2018
මැලේසියාවේ සාප්පු සංකීර්ණයක පිපිරීමකින් 3 ක් මරුට මැලේසියාවේ බොර්නියෝ දූපතේ කුචින් නගරයේ සාප්පු සංකීර්ණයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් තුන් දෙනෙකු මිය ගොස් 24 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 04 December 2018
‘යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ප්රකාශනය ඉවත් කරන්න බ්‍රිතාන්‍යයට අයිතියක් තියෙනවා’ යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ ඉදිරිපත් කරන ලද ප්රකාශනය ඉවත් කරගැනීමට බ්‍රිතාන්‍යයට අයිතියක් ඇතැයි එම සංගමයේ ප්‍රධාන විනිසුරුවරයා අද (4) ප්‍රකාශ කළේය. 04 December 2018
බෝට්ටුවක් අනතුරට ලක් වීමෙන් සරණාගතයින් 15ක් මරුට ලිබියාවට නුදුරු මුහුදේදී සරණාගතයින් රැගත් බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් 15දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 04 December 2018
කශොක්ජී ඝාතනය ගැන සීඅයිඒ දත්ත ඇමෙරිකා කොංග්‍රසයට මාධ්‍යවේදී ජමාල් කශොක්ජී ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සීඅයිඒ සංවිධානය අනාවරණය කර ගත් දත්ත එහි ප්‍රධානී ගීනා හස්පෙල් මහත්මිය විසින් අද (4) ඇමෙරිකා කොංග්‍රසයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි. 04 December 2018
පාප්වහන්සේ පලස්තීන ජනාධිපති හමුවෙයි ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රයලයේ පිහිටි ඔවුන්ගේ තානාපති කාර්යාලය ජෙරුසලෙමට ගෙන යෑමෙන් පසු පළමුවරට අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සහ පලස්තීන ජනාධිපති මහමූද් අබ්බාස් අතර හමුවක් අද (3) සිදුවිණි. 04 December 2018
ඇමෙරිකානු හමුදා ප්‍රහාරයකින් අයි.එස්.නායකයකු මරුට ඇමෙරිකා එක්සත් ජනපද හමුදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් අයි.එස්. සංවිධානයේ නායකයකු මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ. 03 December 2018
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් 3දෙනෙකු ගුවන්ගත වෙයි සොයුස් රොකට්ටුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් තිදෙනකු අද සාර්ථකව ගුවන්ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 03 December 2018
ඉරානයේ මිසයිල අත්හදාබැලීම යළිත් ඇරඹේ තම රට තුළ මිසයිල අත්හදාබැලීම් අඛණ්ඩව වර්ධනය කරන බව ඉරානය පවසයි. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉස්ලාමික ජනරජය බැලස්ටික් මිසයිල අත්හදාබැලීම සිදුකරන බවට චෝදනා කර ඇත. 03 December 2018
කටාරය ඔපෙක් සංවිධානයෙන් ඉවත්වෙයි කටාරය ලෝක තෙල් අපනයනකරුවන්ගේ සංවිධානයෙන් (opec) ඉවත්වීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ. 03 December 2018
තලේබාන් සංවිධානයේ ප්රබලයෙකු ගුවන් ප්‍රහාරයකින් මරුට තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙක් වන මුල්ලා අබ්දුල් මනන් අකුන්ද් ඇමරිකානු හමුදාවේ ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇත. 03 December 2018
ඇමෙරිකානු නාවික හමුදා නිලධාරියෙකුගේ සිරුර ඔහුගේ නිවසින් හමුවෙයි ඇමෙරිකානු නාවික හමුදාවේ මැදපෙරදිග ස්ථාපිත කර ඇති ඇමෙරිකානු නාවික හමුදාවේ 5 වැනි බලඝණයේ අණ දෙන දෙන නිලධාරීවරයා ලෙස කටයුතු කරනු ලැබු වයිස් අද්මිරාල් ස්කොට් ස්ටර්නි නම් නිලධාරියාගේ මළ සිරුර බහරෙන් පිහිටි ඔහුගේ නිවසේදී හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 03 December 2018
පලස්තීන ආණ්ඩුකාරවරයා නිවාස අඩස්සියේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පලස්තීන ආණ්ඩුකාර අද්නාන් ගෙයිත් නිවාස අඩස්සියේ රඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 03 December 2018
මැනුවෙල් ලෝපේස් මෙක්සිකෝවේ ජනපති ධූරයට මෙක්සිකෝවේ ප්‍රබල වාමාංශික නායක අන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් ඔබ්රාඩෝර් නව ජනාධිපති ලෙස තේරී පත්වූයේය. 03 December 2018
මිහිතලයේ උණුසුම ගැන කාලගුණ සමුළුවේ අවධානයට මිහිතලය උණුසුම් වීම ගැන ගෝලීය කාලගුණ වෙනස පිළිබඳ සමුළුවේ දී අවධානය යොමු වී තිබෙන බව වාර්තාවේ. 03 December 2018
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026