සෝමාලියා අගනුවර දී කාර් බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අල්-ෂබාබ් ඉස්ලාම් අන්තවාදී කැරලිකරුවන් විසින් ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය පවසයි.
මොගඩිෂු අගනුවර කාර්යබහුල සාප්පු සංකීර්ණයක් අසලදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
අල්-ෂබාබ් කැරලිකරවන් විසින් කෙන්යාවේ මධ්‍යම ආණ්ඩුව ආරක්ෂා කිරීමට උදව් කරන අප්‍රිකානු සාම සාධක හමුදා ඉවත් කර ගැනීමට බලකරමින් නිරන්තරයෙන් මෙවැනි ප්‍රහාර එල්ල කරති.
පසුගිය මාසයේ කෙන්යාවේ නයිරෝබි අගනුවර පිහිටි කාර්යාල හා හෝටල් සංකීර්ණයක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගියහ.
(රොයිටර් ඇසුරෙනි)
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd