ඕස්ට්‍රේලියාවේ ටවුන්ස්විලි නගරයේ ඇතිවූ ජලගැලීම් හේතුවෙන් මියගිය දෙදෙනකුගේ සිරුරු හමුවී ඇතැයි වාර්තා වේ.
නගරයේ උද්‍යානයක් අසල තිබී මෙම සිරුරු දෙක හමුවී ඇති අතර මෙය අවුරුදු 100 ක පමණ කාලයක් ඇතුළත සිදුවූ දරුණුම ගංවතුර ලෙස සඳහන් වේ.
නිවාස දහස් ගණනක් වතුරෙන් යට වූ අතර බොහෝ පිරිස් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යනු ලැබීය.
පසුගිය සෙනසුරාදා ආරම්භ වූ ගංවතුර තත්ත්වය මේවන විටත් බැසගොස් නොමැති අතර ඉදිරි දිනවල වර්ෂාව තවදුරටත් වැඩි වනු ඇතැයි කාළගුණ අංශ අනතුරු අඟවා ඇත.
උතුරු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින අතර සාමාන්‍යයෙන් දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා මොසම් වැසි ඇතිවේ.
එහෙත් මෙවර ඇතිවූ අධික වර්ෂාව අනපේක්ෂිත තත්ත්වයක් බව කාළගුණ අංශ වාර්තා කර ඇත.
(බීබීසී ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
782
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2428
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ට්‍රේලියාවේ ජලගැලීම් වලින් මියගිය දෙදෙනෙකුගේ සිරුරු සොයාගනී