ඕස්ට්‍රේලියාවේ ටවුන්ස්විලි නගරයේ ඇතිවූ ජලගැලීම් හේතුවෙන් මියගිය දෙදෙනකුගේ සිරුරු හමුවී ඇතැයි වාර්තා වේ.
නගරයේ උද්‍යානයක් අසල තිබී මෙම සිරුරු දෙක හමුවී ඇති අතර මෙය අවුරුදු 100 ක පමණ කාලයක් ඇතුළත සිදුවූ දරුණුම ගංවතුර ලෙස සඳහන් වේ.
නිවාස දහස් ගණනක් වතුරෙන් යට වූ අතර බොහෝ පිරිස් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යනු ලැබීය.
පසුගිය සෙනසුරාදා ආරම්භ වූ ගංවතුර තත්ත්වය මේවන විටත් බැසගොස් නොමැති අතර ඉදිරි දිනවල වර්ෂාව තවදුරටත් වැඩි වනු ඇතැයි කාළගුණ අංශ අනතුරු අඟවා ඇත.
උතුරු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින අතර සාමාන්‍යයෙන් දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා මොසම් වැසි ඇතිවේ.
එහෙත් මෙවර ඇතිවූ අධික වර්ෂාව අනපේක්ෂිත තත්ත්වයක් බව කාළගුණ අංශ වාර්තා කර ඇත.
(බීබීසී ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd