ඇමෙරිකාව හා මෙක්සිකෝ දේශසීමාව අවට ආරක්ෂාව සඳහා තවත් 2000 ක අතිරේක භට පිරිසක් යෙදීවීමට තීරණය කර ඇති බව ඇමෙරිකාව පවසයි.

දැනට දකුණුදිග මායිම ආසන්නයේ සිටින මුළු සෙබළු සංඛ්‍යාව 4300 කි. 

දේශසීමා මුර සංචාර කිරිම, සෝදිසි කිරිමේ කටයුතුවල යෙදීම, දේශසීමාව අවට ඇති රැළි කම්බි නවීකරණය හා ස්ථාපනය කිරිමට අතිරේක භටයන් යොදවන බව පෙන්ටගනය නිවේදනය කරයි.

දේශසීමාව දිගේ පවුරක් බැඳීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හා කොංග්‍රසය අතර සාකච්ජා සිදු කෙරමින් පවතී. 

නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා දේශසීමාව දිගේ පවුරක් බැඳීම අවශ්‍ය බව ට්‍රම්ප් මහතා සඳහන් කරයි.
 
බීබීසි ඇසුරෙනි
(28535)