ප්‍රංශයේ සිට චීනයේ හොංකොං වෙත ගෙනගිය අර්තාපල් තොගයක තිබී පළමුවන ලෝක යුද සමයට අයත් අත්බෝම්බයක් හමුවී ඇත.
මෙය ජර්මනියේ නිෂ්පාදිත අත්බෝම්බය වන අතර අඟල් තුනක් පමණ පළල වන බව සඳහන් වේ. මෙය සොයාගන්නා විට අස්ථායී තත්ත්වයේ පැවති බව පොලිසිය පවසයි. බෝම්බය ආරක්ෂිතව නිශ්ක්‍රීය කර ඇත.
චීනයේ නැගෙනහිර සායි කුන්ග් දිස්ත්‍රික්කයේ අල පෙති නිෂ්පාදන කම්හලක් වෙත මෙම නැව් බඩු තොගය ගෙනවිත් ඇති බව පැවසේ.
පසුගිය වසරේදී ද හොංකොංහි ඉදිකිරීම් වැඩබිමක තිබී දෙවන ලෝක යුධ සමයට අයත් බෝම්බයක් හමුවිය.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd