ඉරානය කරන්නේ කුමක්දැයි බැලීම සඳහා ඇමෙරිකානු හමුදා ඉරාකයේ ස්ථාපිත කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාකයෙන් අවසර ඉල්ලුවේ නැතැයි එරට ජනාධිපති බර්හාම් සාලිහ් මහතා පැවැසීය.
බැග්ඩෑඩ් නුවර පැවැති සමුළුවක් අමතමින් ඉරාක ජනාධිපතිවරයා ඒ බව කීවේය. ඉරානය කරන්නේ මොනවාදැයි අවධානයෙන් සිටීම සඳහා ඉරාකයෙන් අවසර ඉල්ලීමට තමන් බලාපොරොත්තු වන බව ඇමෙරිකා ජනාධිපතිවරයා පැවැසීය.
ඇමෙරිකාවේ සී.බී.එස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ට්‍රම්ප් එම කරුණු පැවැසීය. ඇමෙරිකා ජනාධිපතිවරයා පළ කළ අදහස් උපුටා දක්වමින් මාධ්‍යවේදීන් ඉරාක ජනාධිපතිවරයාට ප්‍රශ්න යොමු කළේය.
එම ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඉරාක ජනාධිපතිවරයා ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් එවැනි ඉල්ලීමක් කර නැතැයි කීවේය.
ඇමෙරිකාව සහ ඉරාකය අතර අත්සන් තැබූ ගිවිසුමකට අනුව ඇමෙරිකානු හමුදා ඉරාකයේ රැඳී සිටී. ඇමෙරිකානු හමුදා ඉරාකයේ රැඳී සිටින්නේ ත්‍රස්තවාදයට එරෙහිව දියත් කර තිබෙන විශේෂ මෙහෙයුම්වලට සහාය දැක්වීමට යැයි ඔවුන් එම කටයුතුවලට පමණක් අවධානය යොමු කළ යුතු යැයි ද ඉරාක ජනාධිපතිවරයා කීවේය.
ඉරාකයේ ඇමෙරිකානු හමුදා ස්ථාපිත කිරීම වැදගත් යැයි එමගින් ඉරානය කරන්නේ මොනවාදැයි සමීපව බලා සිටිය හැකි යැයි ද ජනාධිපති ට්‍රම්ප් කීය. එමෙන්ම ඉරානය සත්‍ය වශයෙන් ම ප්‍රශ්නයක් යැයි ද ට්‍රම්ප් කීවේය.
“ඔවුන්ගේ ප්‍රශ්නවලින් ඉරාකය අවුල් කරන්න එපා. ඇමෙරිකාව සුපිරි බලවතෙක්. එහෙත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවලට මෙහි ඉඩක් නැහැ. අපි මෙහේ ජීවත් වෙනවා” යැයි ඉරාක ජනාධිපති සාලිහ් කීය.
ඇමෙරිකාව සහ ඉරානය ඉරාකයේ විශාලතම මිත්‍ර රටවල් දෙක වන අතර ඉරානය සහ ඇමෙරිකාව අතර බල අරගලයට ඉරාකය මැදිව සිටී.
“ඉරාකය විදියට අසල්වාසීන් සමඟ අපි හොඳ සබඳතා පවත්වා ගන්න ඕනේ. ඉරානය අපේ අසල්වැසියා. අපි ඉරානය සමඟ හොඳ සබඳතා පවත්වාගෙන යනවා” යැයි ඉරාක ජනාධිපතිවරයා තවදුරටත් කීවේය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘හමුදා ඉරාකයේ ස්ථාපිත කරන්න ට්‍රම්ප් අවසර ඉල්ලුවේ නෑ’