IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ඇමරිකානු නියෝජිතයා උතුරු කොරියාව බලා යයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් යන මහත්වරුන් අතර මේ මස අගදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සූදානම් වීම සඳහා උතුරු කොරියාව සම්බන්ධයෙන් පත් කර සිටින විශේෂ නියෝජිතයා උතුරු කොරියාවට ගිය බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳුඳා (4) නිවේදනය කළේය. 

 
ඇමෙරිකාවේ උතුරු කොරියානු විශේෂ නියෝජිතයා ලෙස පත් කර සිටින්නේ ස්ටීවන් බීයගන් ය. එක්සත් ජනපදය වෙනුවෙන් පත් කරන සිටින උතුරු කොරියාවේ විශේෂ නියෝජිතයා වන කිම් හ්යොක් චොල් සමඟ දෙරටේ නායකයන් අතර දෙවැනි සාකච්ඡාව පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බව ස්ටීවන් බියගන් පසුගිය සතියේදී පැවැසීය. 
 
එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර සාකච්ඡාව අර්ථාන්විත සහ පලදායී එකක් බවට පත් කිරීමත් සාකච්ඡාවේ අරමුණු ඉටු කරගැනීමත් සඳහාත් එක්ව වැඩ කරන බව ද හෙතෙම කීවේය. 
 
ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර ඓතිහාසික සාකච්ඡාවක් පසුගිය වසරේ ජූනි මාසයේදී සිංගප්පූරුවේදී පැවැත්විණි. ධුරයේ සිටින එක්සත් ජනපද ජනාධිපතිවරයකු- සහ උතුරු කොරියානු නායකයකු අතර සාකච්ඡාවක් පැවැත්වුණු පළමු අවස්ථාව එය විය. කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම එම සාකච්ඡාවේ ප්‍රමුඛතම අරමුණ විය. 
 
ස්ටීවන් බීයගන් උතුරු කොරියානු නියෝජිතයා අතර සාකච්ඡා අද (5) පැවැත්වීමට නියමිත අතර හෙතෙම ඊයේ (4) සහ (3) දකුණු කොරියානු නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීය. 
 
 
රොයිටර් ඇසුරිනි
 
055



අදහස් (0)

ඇමරිකානු නියෝජිතයා උතුරු කොරියාව බලා යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1567 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site