නව මිසයිල පද්ධතියක් හඳුන්වාදීමට සැලසුම් කරන බව රුසියාව පවසයි. 
 
රුසියාව හා එක්සත් ජනපදය අවි ආයුධ පාලනය කිරීම සම්බන්ධයෙන් එළඹි මධ්‍යම දුර න්‍යෂ්ටික බල ගිවිසුම අත්හිටුවීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
 
ගිවිසුමක් මඟින් රටවල් දෙකම  කෙටි හා මධ්‍යම ප්‍රමාණයේ මිසයිල භාවිතයෙන් තහනම් කර තිබුණි. 
 
පසුගිය සතියේ, ඇමරිකානු ජනාධිපති ටොනල්ට් ට්‍රම්ප් මහතා එක්සත් ජනපදය එම ගිවිසුමෙන් ඉවත් වන බවට නිවේදනයක් නිකුත් කළේය.
 
දිගු කලක් තිස්සේ  එම ගිවිසුම උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රුසියාවට චෝදනා එල්ල වී ඇත.
 
සිසිල් යුද්ධ සමයේ ඇති වූ අර්බුද හේතුවෙන්  එක්සත් ජනපද හා සෝවියට් රුසියාව 1987 දී  වර්ෂයේදී මෙම ගිවිසුමට එළඹී තිබිණි.
 
 
(බී බී සී ඇසුරෙනි)
 
(63226)