නවසීලන්තයේ දකුණු දිග නෙල්සන්හි පීජියන් නිමිනයේ ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර් දහස්ගණනක වන විනාශයක් සිදුවී ඇතැයි වාර්තා වේ.
 
 නිවාස කිහිපයක් ද ගින්නට හසුවී ඇති අතර පවුල් 100ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කළ බව බලධාරීහු පවසති.
 
 හෙලිකොප්ටර් 10ක්, ගුවන්යානා දෙකක් සහ ගිනි නිවන සේවකයන් පිරිසක් ගින්න පාලනය කිරීම සඳහා යොදවා ඇති නමුත් ප්‍රදේශය පුරා හමා යන තද සුළං හේතුවෙන් ගින්න වේගයෙන් පැතිරෙන බව සඳහන් වේ.
 
ජීවිතහානි සම්බන්දව මෙතෙක් වාර්තා වී නොමැති බව පොලිසිය පවසයි.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)