IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


පක්ෂ විපක්ෂ විරෝධතාකරුවෝ කැරකස් අගනුවරට රැස්වෙති

දස දහස් ගණන් පක්ෂ විපක්ෂ විරෝධතාකරුවන් වෙනිසියුලාවේ කැරකස් අගනුවරට රැස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රම්ප් පරිපාලනය ඇතුළු බටහිර රටවල් විසින් පසුගිය මාසයේ දී වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ග්වායිඩෝ මහතාව අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පිළි ගන්නා ලදී.  ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මේ තීරණයත් සමඟ වෙනිසියුලාව තුළ ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් හට ගැණිනි.

රුසියාව හා චීනය ජනාධිපති නිකොලොස් මදුරෝ මහතාට සහය පළ කරති. මදුරෝ මහතාට පක්ෂ පිරිස් අගනුවරට රැස්ව ඇත්තේ පක්ෂයේ පුරෝගාමීයා වූ සමාජවාදී නායක හියුගෝ චාවේස්ගේ 20 වැනි අනුස්මරණය සඳහාය. එහිදී ආණ්ඩු හිතවාදීන් විසින් උද්ඝෝෂණ නොසළකා හැරීම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යයට චෝදනා කළේය.

වෙනිසියුලානු ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා නීතිවිරෝධී යැයි සළකනු ලබන විට තාවකාලිකව බලය තමාට ලබාගත හැකි බව විපක්ෂ නායක ජුවාන් ග්වායිඩෝ මහතා පැවසීය.

අගනුවරට රැස්වූ විපක්ෂයේ පිරිස් නිදහස දිනා ගන්නා තුරු විරෝධතා පවත්වන බවත් විපක්ෂ ව්‍යාපාරය  වීදීවල ගෙන යන බවත් ඔහු වැඩිදුරටත් කීය.

 
බීබීසි ඇසුරෙනි
(28535)



අදහස් (0)

පක්ෂ විපක්ෂ විරෝධතාකරුවෝ කැරකස් අගනුවරට රැස්වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1566 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site