දස දහස් ගණන් පක්ෂ විපක්ෂ විරෝධතාකරුවන් වෙනිසියුලාවේ කැරකස් අගනුවරට රැස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රම්ප් පරිපාලනය ඇතුළු බටහිර රටවල් විසින් පසුගිය මාසයේ දී වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ග්වායිඩෝ මහතාව අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පිළි ගන්නා ලදී.  ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මේ තීරණයත් සමඟ වෙනිසියුලාව තුළ ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් හට ගැණිනි.

රුසියාව හා චීනය ජනාධිපති නිකොලොස් මදුරෝ මහතාට සහය පළ කරති. මදුරෝ මහතාට පක්ෂ පිරිස් අගනුවරට රැස්ව ඇත්තේ පක්ෂයේ පුරෝගාමීයා වූ සමාජවාදී නායක හියුගෝ චාවේස්ගේ 20 වැනි අනුස්මරණය සඳහාය. එහිදී ආණ්ඩු හිතවාදීන් විසින් උද්ඝෝෂණ නොසළකා හැරීම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යයට චෝදනා කළේය.

වෙනිසියුලානු ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා නීතිවිරෝධී යැයි සළකනු ලබන විට තාවකාලිකව බලය තමාට ලබාගත හැකි බව විපක්ෂ නායක ජුවාන් ග්වායිඩෝ මහතා පැවසීය.

අගනුවරට රැස්වූ විපක්ෂයේ පිරිස් නිදහස දිනා ගන්නා තුරු විරෝධතා පවත්වන බවත් විපක්ෂ ව්‍යාපාරය  වීදීවල ගෙන යන බවත් ඔහු වැඩිදුරටත් කීය.

 
බීබීසි ඇසුරෙනි
(28535)