දූෂණය චෝදනා සම්බන්ධයෙන් ධූරයෙන් ඉවත්කළ හිටපු පකිස්ථාන අගමැති යූසුෆ් රාසා ගිලානි මහතාට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත්කර ඇත. 
 
ඊයේ රාත්‍රියේ තායිලන්තයේ  බැංකොක් අගනුවර හරහා දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගීවීමට ලාහෝර් ගුවන් තොටුපළෙන් පිටත්වයාමට සූදානම් වූ අවස්ථාවේ ආගමන විගමන නිළධාරින් විසින් ඔහු වලක්වා ඇත.  
 
අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ නියෝගය අනුව රටින් පිටත්වීමට තහනම් පුද්ගලයන්ගේ ලැයිස්තුවට හිටපු අගමැති යූසුෆ් රාසාගේ නම ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
 
රටින් පිටවීමට තහනම් ලැයිස්තුවේ ඔහුගේ නම ඇතුළත් කිරීමට කිසිදු හේතුවක් නැති බව පකිස්ථාන අගමැතිවරයා  පැවසුවේය.  
 
පකිස්තානයේ 18 වන අගමැතිවරයා වන මොහු  2008 මාර්තු 25 සිට 2012 අප්‍රේල් 26 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත්කරනතුරු අගමැති ධූරයේ තටයුතු කළේය. 
 
 
(63226)