වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස විපක්ෂනායක ජුවාන් ග්වායිඩෝ මහතාව  යුරෝපා රටවල් 6 ක් අද (4) නිල වශයෙන් පිළිගනු ලැබීය.

එංගලන්තය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ඔස්ට්‍රියාව, ස්වීඩනය, ඩෙන්මාකය යන යුරෝපා රටවල් විපක්ෂනායකවරයාව මෙලෙස පිළිගත්තේය.

මදුරෝ මහතා හැකි ඉක්මණින් ජනාධිපතිවරණයක් කැඳවීමට කටයුතු නොකළහොත් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් තවදුරටත් ජුවාන් ග්වායිඩෝ මහතාව ජනාධිපතිවරයා ලෙස පිළිගන්නා බව නිවේදනය කළේය.

රුසියාව ජනාධිපති නිකොලස් මදුරෝ මහතාට තවමත් සහය පල කරන බව වාර්තා වෙයි.

වෙනිසියුලාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීම රුසියාව විවේචනය කර තිබෙන බව වාර්තා වෙයි.

 

අල්ජසීරා ඇසුරෙනි

(28535)