(සුනිල් ආනන්ද පැරීසියේ සිට)

ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 71ක් පිරීම වෙනුවෙන් ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් නිදහස් සැමරුම් උත්සවයක් එම කාර්යාලයේදී පැවැත්විණි.

මහා සංඝරත්නය , අන්‍යාගමික පූජකවරු, ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්ය මණ්ඩලය, පැරීසියේ සමාජශීලී සංවිධාන වල නිලධාරීන් , ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම නිදහස් දින සැමරුම අභිමානවත් අයුරින් සැමරීමට කටයුතු කළහ.