ඇමෙරිකාවේ කැලිෆොනියා ප්‍රාන්තයේ යොබා ලින්ඩා නගරයේ නිවසක් මතට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පස්දෙනකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
 
ගුවන්යානය ගිනිගෙන කඩාවැටුණු බව ඇසින් දුටුවන් පවසා ඇත. 
 
ගුවන් නියමුවා හා නිවැසියන් සිව් දෙනකු මෙලෙස මියගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත. යානයේ ගමන් කර ඇත්තේ නියමුවා පමණක් බව ද සඳහන් වේ.
 
කඩාවැටුණු ස්ථානයට කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි ප්‍රාදේශීය ගුවන්තොටුපළකින් ගුවනට නැගුණු යානය ගුවන් ගතවී සුළු මොහොතකින් අනතුර සිදුවි ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085)