නිරවි යුද සමයේදී රුසියාව සමඟ අත්සන් කරන ලද ‘මධ්‍ය දුර න්‍යෂ්ටික බලවේග’ ගිවිසුමෙන් ඉවත් වන බව ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර ඇත.
රුසියාව ගිවිසුම උල්ලංඝණය කරන බවට චෝදනා කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය එලෙස එම ගිවිසුමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
සෙනසුරාදා ක්‍රියාත්මක වන පරිදි ගිවිසුමට යටතේ තිබෙන සියලු වගකීම්වලින් ඉවත් වන බවත් ගිවිසුමෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බවත් ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කළේය.
අදාළ ක්‍රියාවලිය මාස හයකින් අවසන් වීමට නියමිත අතර එම කාලය තුළ දී ගිවිසුමට අනුකූලව කටයුතු කිරීමට රුසියාව පියවර නොගන්නේ නම් ගිවිසුම සම්පූර්ණයෙන්ම අවසන් කරන බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
ඒ.එෆ්.පී. ඇසුරෙනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිවිසුමක් යනු පාර්ශව දෙකක් අතර ඇති අවබෝධයක්ද? ඇමරිකාව නේටෝ හරහා අනිකුත් රටවලට කරන බලපෑම් අයත් වන්නේ... ආ ඒවාට කියන්නේ බළලුන් ලවා කොස් ඇට බාවනවා කියලද? නමට ගිවිසුම් මොකටද?