තුර්කියේ ඉස්තාන්බුල් නුවර මහල් අටකින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් දෙදෙනකු මියගොස් හය දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මෙය නිවාස සංකීර්ණයක් බවත් එහි නිවෙස් 14ක 43දෙනකු පදිංචිව සිටින බවත් නාගරික බලධාරීහු පවසති.
කෙසේවුවද ගොඩනැගිල්ලේ ඉහල මහල් තුන ඉදිකර ඇත්තේ නීතිවිරෝධී ආකාරයට බවද ඔවුහු සඳහන් කරති.
ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව මෙතෙක් අණාවරනය වී නොමැත. මුදවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd