ගෝලීය උෂ්ණත්වය ඉහළ නැගීමත් සමඟ ලොව පවත්නා ජල මූලාශ්‍රවලින් අර්ධයක් වර්ෂ 2100 වනවිට වර්ණ විපර්යාසයකට ලක්වන බවද සියවස අවසානයේ පෘථිවියේ සාගර තද කොළ පැහැයට හැරෙන බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති.
උණුදිය හේතුවෙන් ජලයේ වෙසෙන ඇල්ගී විශේෂවල වර්ධනයෙහි පැහැදිලි විපර්යාසයක් සිදුවීම ඊට හේතුවයි.
ශාක ප්ලවාංග විනාශවීම නිසා උප නිවර්තන කලාප වැනි නිල් පැහැය ගන්නා ප්‍රාන්ත තවදුරටත් තද නිල් පැහැයට හැරෙන බවද, අධික උණුසුම හේතුවෙන් කුඩා ඇල්ගී ජීවීන් උත්පාදනය වී බහුලව වර්ධනය වී ධ්‍රැව කලාප ආශ්‍රිත හරිත පැහැය ගන්නා කලාප තද කොළ පැහැයට හැරෙන බවද ඔවුහු පෙන්වා දෙති.
ඇල්ගී කොළ පැහැය පරාවර්තනය කරන අතර ඒවා අහස ඡායාගත කර සාගර වෙත ලබාදී මුහුදු හරිත පැහැ ගැන්වීමට කටයුතු කරයි.
දේශගුණ විපර්යාසයට දඬුවම් වශෙයන් පරිසර පද්ධතිය ද විනාශ වන බවත්, එක් පරිසර පද්ධතියකට හානිවීමේදී ඒ හා සම්බන්ධ ආහාර ජාලයට ද හානි වන බවත් විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති.
( ද සන් ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොව නිර්මාණයත් සමඟින්ම එහි විනාශය ද ඇරඹිණි. මිනිසා විසින් එකී විනාශයේ වේගය වඩාත් තීවෘ කර ඇත.