සෝමාලියාවේදී  අල්-ෂබාබ් ඉස්ලාම් අන්තවාදී කැරලිකරුවන්  13 දෙනෙක්  ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
මොගඩිෂු අගනුවරින් පිටත කලාපයේදී  එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් මොවුන් ඝාතනය කරඇත. 
 
 අල්-කයිඩා සම්බන්ධ සටන්කරුවන් මෙම ප්‍රදේශය බෝම්බ හෙළීම සඳහා භාවිතා කරන බව  එක්සත් ජනපදයේ අප්‍රිකානු අණදෙන නිලධාරිවරයෙක් පැවසුවේය. 
 
ගිය වර්ෂයේ දෙසැම්බර්වල එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද  ගුවන් ප්‍රහාරවලින් අල්-ෂබාබ් ඉස්ලාම් අන්තවාදීන් 62 ක් ඝාතනය වී ඇත. 
 
 ත්‍රස්තවාදීහු සෝමාලියානු හමුදා ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම සඳහා මෙම ප්‍රදේශය භාවිත කරති.
 
 
 (63226)