IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


නයිබ් බූකෙලි එල්සැල්වදෝරේ ජනපතිවරණයෙන් ජය ගනී

එල් සැල්වදෝර් රාජ්‍යයේ නව ජනාධිපති ලෙස දූෂණ විරෝධී අපේක්ෂක හිටපු නගරාධිපති නයිබ් බුකෙලි මහතා ජය ලබා ඇත.   

ජනාධිපතිවරණය ජය ගැනීමට නම් අපේක්ෂකයා සමස්ත ඡන්දවලින්  50%  කට වැඩි ප්‍රමාණයක් ලබාගත යුතු අතර නයිබ් බුකෙලි ඡන්ද 53% ලබා ගනිමින් ජය ලැබුවේය. 

ඔහුගේ සමීපතම ප්‍රතිවාදියා වන කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කළ  කැරොල්ස් කලීජා  සමස්ත ඡන්ද වලින්  ඡන්ද 32% ක් ලබා ගත්තේය. 

දේශපාලකයකු මෙන්ම ව්‍යාපාරිකයකු වන මොහු  දූෂණය මර්දනය කිරීමට සහ ලෝකයේ ඉහළම මිනීමැරුම් අනුපාතයක් ඇති කිරීම සඳහා වගකිවයුතු අපරාධ කල්ලි විනාශ කර දැමීමට  පොරොන්දු වී ඇත. 

ඔහු 2012 සහ 2015 වර්ෂවල නගරාධිපති ලෙසද කටයුතු කර ඇත. 

පසුගිය දශක තුන පුරාවට එල් සැල්වඩෝර් රාජ්‍යයේ  බලය ප්‍රධාන පක්ෂ දෙක වන වාමාංශික පක්ෂය සහ කොන්සර්වේටිව් පක්ෂය ආධිපත්‍ය දරා සිටියේය.

 

(බීබීසී ඇසුරෙනි)

63226 

 



අදහස් (0)

නයිබ් බූකෙලි එල්සැල්වදෝරේ ජනපතිවරණයෙන් ජය ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 782 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2428 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site