එල් සැල්වදෝර් රාජ්‍යයේ නව ජනාධිපති ලෙස දූෂණ විරෝධී අපේක්ෂක හිටපු නගරාධිපති නයිබ් බුකෙලි මහතා ජය ලබා ඇත.   

ජනාධිපතිවරණය ජය ගැනීමට නම් අපේක්ෂකයා සමස්ත ඡන්දවලින්  50%  කට වැඩි ප්‍රමාණයක් ලබාගත යුතු අතර නයිබ් බුකෙලි ඡන්ද 53% ලබා ගනිමින් ජය ලැබුවේය. 

ඔහුගේ සමීපතම ප්‍රතිවාදියා වන කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කළ  කැරොල්ස් කලීජා  සමස්ත ඡන්ද වලින්  ඡන්ද 32% ක් ලබා ගත්තේය. 

දේශපාලකයකු මෙන්ම ව්‍යාපාරිකයකු වන මොහු  දූෂණය මර්දනය කිරීමට සහ ලෝකයේ ඉහළම මිනීමැරුම් අනුපාතයක් ඇති කිරීම සඳහා වගකිවයුතු අපරාධ කල්ලි විනාශ කර දැමීමට  පොරොන්දු වී ඇත. 

ඔහු 2012 සහ 2015 වර්ෂවල නගරාධිපති ලෙසද කටයුතු කර ඇත. 

පසුගිය දශක තුන පුරාවට එල් සැල්වඩෝර් රාජ්‍යයේ  බලය ප්‍රධාන පක්ෂ දෙක වන වාමාංශික පක්ෂය සහ කොන්සර්වේටිව් පක්ෂය ආධිපත්‍ය දරා සිටියේය.

 

(බීබීසී ඇසුරෙනි)

63226