සෞදිය සමඟ සබදතා අත්නොහරින බව ට්‍රම්ප් කියයි මාධ්‍යවේදී ජමාල් කශොක්ජි ඝාතන සිද්ධිය පදනම් කර ගනිමින් සෞදි අරාබිය සමඟ ඇති රාජ්‍ය තාන්ත්‍රික සබදතා අත්නොහරින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 21 November 2018
එක්සත් ජාතීන්ගේ ගිවිසුම ප්‍රතික්ෂේප කරයි සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ඉදිරිපත් කර ඇති ගිවිසුම ප්‍රතික්ෂේප කරන බව ඕස්ට්‍රේලියාව පවසයි. එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල් කිහිපයක් ද මෙම ගිවිසුම ප්‍රතික්ෂේප කර ඇත. 21 November 2018
කාබුල් නුවර ප්‍රහාරයකින් 50 කට අධික පිරිසක් මරුට ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට බලධාරිහු පැවැසූහ. 21 November 2018
පැපුවා නිව්ගිනියාවේ පාර්ලිමේන්තුවට ආරක්ෂක අංශ කඩාවදී පැපුවා නිව්ගිනියාවේ පාර්ලිමේන්තුවට එරට පොලිසිය සහ හමුදාව කඩා වැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 20 November 2018
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයට අතුරු තහනමක් නීතිවිරෝධී ලෙස දකුණු ඇමෙරිකා දේශසීමාව හරහා රටට ඇතුලු වන සංක්‍රමණිකයන් වැළැක්වීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ නියෝගය එක්සත් ජනපදයේ ෆෙඩරල් විනිසුරුවරයකු විසින් අතුරු තහනමක් කර ඇත. 20 November 2018
ඉන්දියාවේ යුධෝපකරණ ගබඩාවක පිපිරීමක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වාදා නගරයේ යුධෝපකරණ ගබඩාවක ඇති වූ පිපිරීමකින් 6 දෙනෙක් මිය ගොස් 10ක් තුවාල ලබා ඇත 20 November 2018
හවුති කැරැලිකරුවන්ට ප්‍රහාර නතර කිරීමට නියෝග යේමනයේ හවුති කැරැලිකරුවන්ට රොකට් ප්‍රහාර එල්ල කිරීම සහ ප්‍රහාරක ඩ්‍රෝනා භාවිතා කිරීම නතර කරන ලෙස දැනුම් දී ඇත. 20 November 2018
චිකාගෝ නුවර රෝහලක වෙඩි තැබීමකින් 4 ක් මරුට ඇමෙරිකාවේ චිකාගෝ නුවර රෝහලක සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 20 November 2018
ග්වාතමාලාවේ ෆ්වේගෝ ගිණිකන්ද පුපුරයි ග්වාතමාලාවේ ෆ්වේගෝ ගිණිකන්ද හදිසියේ විදාරණය වීමට පටන්ගැනීමත් සමග අවට පදිංචිකරුවන් 4000ක් පමණ බවත් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ. 20 November 2018
‘ඇමෙරිකාවේ බලාපොරොත්තු ඉටු වෙන්නේ නැහැ’ සම්බාධක පැවැතිය ද දිගටම බොරතෙල් අපනයනය කරන බව ඉරාන ජනාධිපති හසන් රොව්හානි අද (19) පැවැසීය. 19 November 2018
ඉන්දියාවේ ආගමික උත්සවයක පිපිරීමක් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ආගමික උත්සවයකදී ඊෙය් (18 දා) පිපිරීමක් සිදුව ඇති අතර, පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් ඇති අතර 10 දෙනෙකු තුවාල ලබා ඇත. 19 November 2018
කශෝග්ජීගේ ඝාතන හඬ පටය ඇසීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතන සිද්ධිය පටිගත වී ඇති හඬ පටය ඇසීම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 19 November 2018
‘ගජ’ සුළි කුණාටුවෙන් 20ක් මරුට තමිල්නාඩුව හරහා හමාගිය ගජ සුළි කුණාටුවෙන් 20ක් මියගොස් 80,000 අධික පිරිසක් අවතැන් වී ඇති බව තමිල්නාඩු රජය නිවේදනය කරයි. 18 November 2018
ප්‍රංශයේ විරෝධතාවකින් අයෙක් මරුට : 200 කට තුවාල ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ප්‍රංශයේ පැවති විරෝධතා හේතුවෙන් එක් අයකු මිය ගොස් 200 අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 18 November 2018
ට්‍රම්ප් කැලිෆෝනියාවේ සංචාරයක කැලිෆෝනියාවේ ලැව්ගින්නෙන් සිදුවු හානිය නැරඹීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එහි සංචාරයක නිරත විය. 18 November 2018
කොංගෝවේ ගැටුමකින් සාම සාධක භටයන් හත්දෙනකු මරුට කොංගෝ සමූහාණ්ඩුවේ බෙනි ප්‍රදේශයේදී සන්නද්ධ පිරිසක් සමග ඇතිවූ ගැටුමකදී එක්සත්ජාතීන්ගේ සාම සාධක භටයන් හත්දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 17 November 2018
මාලදිවයිනේ නව ජනපති හෙට දිවුරුම් දෙයි මාලදිවයිනේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි හෙට (17) එම ධූරයේ දිවුරුම් දීමට නියමිතය. 16 November 2018
ට්‍රම්ප් නොමැතිව ආසියාන් සමුළුව ඇරඹේ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නොමැතිව සිංගප්පූරුවේ අගනුවර දී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ සමුළුව (ආසියාන්) ආරම්භ විය. 16 November 2018
ලෝක ඉවසීමේ දිනයට දෙදින සමුළුවක් ලෝක ඉවසීමේ දිනය පිළිබඳ දෙදින සමුලුවක් ඊයේ සහ අද එක්සත් අරාබි එමිර් රාජයයේ ඩුබායි හිදී උත්කර්ශවත් අන්දමින් පැවත්විණ . 16 November 2018
ඉන්දු -පැසිපික් කලාපයේ සහයෝගීතාවයට වැඩි අවධානය ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය සහ එක්සත් ජනපදය සිංගප්පූරුවේදී හමුවී කලාපීය උපදේශනය, පොදු අවශ්‍යතා සහ ගෝලීය ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කරමින් ඊයේ (15) සාකච්ඡාවක් පැවැත්වූහ. 16 November 2018
න්‍යෂ්ටික ගිවිසුම ගැන පුටින් ඇමෙරිකා උප ජනපති සමඟ සාකච්ඡා ඇමෙරිකා එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් සමඟ න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව රුසියානු ජනාධිපති පුටින් පැවැසීය. 16 November 2018
‘දකුණු චීන මුහුද එක් රටකට හිමි නෑ’ දකුණු චීන මුහුද එක් රටකට පමණක් හිමි නැතැයි ද ජාත්‍යන්තර නීතිය ඉඩදෙන ඕනෑම අවස්ථාවකදී ඇමෙරිකා එක්සත් ජනපදය දකුණු චීන මුහුදේ යාත්‍රා ගමන් ගන්නා බවත් ඊට ඉහළින් පියාසර කරන බවත් එරට උප ජනාධිපති මයික් පෙන්ස් අද (16) පැවැසීය. 16 November 2018
ජනපති ෂී ජින්පින්ග් පැපුවා නිව්ගිනියාවට ආසියා ශාන්තිකර සමුළුවට සහභාගී වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින්ග් බ්‍රහස්පතින්දා (15) පැපුවා නිව්ගිනියාවට පැමිණියේය. 16 November 2018
තලේබාන් ප්‍රහාර වලින් ඇෆගනිස්ථාන භටයින් 30ක් මරුට තලේබාන් කැරළිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් ඇෆ්ගනිස්ථාන ආරක්ෂක භටයන් 30ක් මියගොස් ඇත. 16 November 2018
කැලිෆෝනියාවේ ලැව්ගිනි වලින් මිය ගණන 66 දක්වා ඉහළට උතුරු කැලිෆෝනියාවේ පැතිරී යන ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 16 November 2018
කොරියානු ට්‍රෝලර් යාත්‍රාවක් - ජපාන ධීවර බෝට්ටුවක් එකිනෙක ගැටේ දකුණු කොරියානු ට්‍රෝලර් යාත්‍රාවක් හා ජපාන ධීවර බෝට්ටුවක් ජපාන මුහුදේදී එකිනෙක ගැටී ඇතැයි වාර්තා වේ.අනතුර සිදුවන අවස්ථාවේ ට්‍රෝලර් යාත්‍රාවේ සිටි නාවිකයන් 13දෙනාම අවට යාත්‍රා කරමින් තිබූ ධීවර බෝට්ටු මගින් බේරා ගැනීමට සමත් වී ඇතැයි බලධාරීහු පවසති. 15 November 2018
කශොග්ජිගේ ඝාතනයට සෞදි ඔටුන්න හිමි කුමරු සම්බන්ධ නෑ මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන්ගේ සම්බන්ධයක් නැතැයි එරට නීතිපතිවරයා අද (15) ප්‍රකාශ කළේය. 15 November 2018
කුවේටයේ ගුවන් තොටුපල වැඩ නවතී අධික වැසි සහ තද සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කුවේටයට ගුවන් ගමන් පැමිණීම හා පිටවීම තාවකාලික අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 15 November 2018
ජපානය විදේශ ශ්‍රමිකයන් බලාපොරොත්තු වෙයි රටේ කම්කරු හිඟය නිසා විදේශීය ශ්‍රමිකයන් 345,000 කට 2023 දී රැකියා ලබාදීමට ජපන් රජය අපේක්ෂා කරයි. 15 November 2018
ඩොමිනික් රාබ් ඇමැති ධූරයෙන් ඉවත්වෙයි බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් එරට ‘බ්‍රෙක්සිට්’ අමාත්‍ය ඩොමිනික් රාබ් අද (15) එම අමාත්‍ය ධුරයෙන් ඉවත් විය. 15 November 2018
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026