ඉන්දියාවට තෙල් අපනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා දැමීමට වෙනිසියුලාව තීරණය කර ඇත.
ඉන්දියාව වෙනුවට චීනයට සහ රුසියාවට තෙල් අපනයනය කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට වෙනිසියුලාවේ අවධානය යොමු වී ඇතැයි වෙනිසියුලානු ඉන්ධන අමාත්‍යවරයා උපුටා දක්වමින් අසෙර්බයිජානයේ බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරුන් දෙදෙනා අතර අසෙර්බයිජානයේ බාකු අගනුවරදී පැවැති සාකච්ඡාවලදී එම කරුණු සාකච්ඡා වී තිබේ.
බකු අගනුවර පැවැති සාකච්ඡා සම්බන්ධයෙන් අසෙර්බයිජානයේ බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් ද නිකුත් කළේය.
ඉන්දියාවට තෙල් අපනයනය කිරීමට තාවකාලික තහනමක් පැනවී ඇති බැවින් ප්‍රධාන අපනයන වෙළෙඳපොළවල් ලෙස චීනය සහ රුසියාව සලකා බලන බව වෙනිසියුලාවේ ඉන්ධන අමාත්‍ය සහ එරට රාජ්‍ය තෙල් සමාගම වන පී.ඩී.වී.එස්.ඒ. හි සභාපති මැනුවෙල් කුවෙඩෝ මහතා එම සාකච්ඡාවේදී පවසා ඇත.
(රොයිටර් ඇසුරිනි)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd