IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


බෝයිං 737 ගුවන් යානා භාවිතයට නොගැනීමේ තීරණයක්

ඉතියෝපියානු ගුවන් අනතුරින් පසුව ‘බෝයිං 737 මැක්ස්’ වර්ගයේ ගුවන් යානා භාවිතයට ගැනීම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනිය තීරණය කර ඇත.

ඉතියෝපියානු ගුවන් සේවයට අයත් ‘බෝයිං 737 මැක්ස්’ යානයක් ඉකුත් දා අනතුරට පත්වූ අතර එම අනතුරින් යානයේ සිටි රටවල් 35 මගීහු 157 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉතියෝපියාවේ අගනුවර සිට කෙන්යාවේ නයිරෝබී නුවර දක්වා ගමන් ඇරැඹු මෙම යානය ගුවන් ගමන ආරම්භ කර මිනිත්තු කිහිපයක් ඇතුළත කඩා වැටිණි. මාස පහක් ඇතුළත මෙම වර්ගයේ ගුවන් යානයක් අනතුරට පත්වූ දෙවැනි අවස්ථාව මෙය විය. 

එම සිදුවීමෙන් පසු රටවල් රැසක් ‘බෝයිං 737 මැක්ස්’ ගුවන් යානා ගුවන් ගමන්වලින් ඉවත් කිරීමට පියවර ගත් අතර ඇතැම් රටවල් ගුවන් යානා භාවිතයට ගැනීම තහනම් කිරීමට ද පියවර ගත්හ. එලෙස එම ගුවන් යානා භාවිතයට ගැනීම තහනම් කළ අලුත්ම රටවල් වනුයේ බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනියයි. 

පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉහත කී වර්ගයට අයත් ‘ලයන් එයාර් ජෙට්’ යානයක් ඉන්දුනීසියාවේ අනතුරට පත්වූ අතර එම සිදුවීමෙන් 189 දෙනකුට ජීවිත අහිමි විය. කෙසේ නමුත් මෙම සිදුවීම් දෙක අතර සම්බන්ධයක් තිබෙන බවට කිසිදු සාක්ෂියක් නැතැයි ද පැවසේ. 

රොයිටර් ඇසුරිනි  

055

 



අදහස් (4)

බෝයිං 737 ගුවන් යානා භාවිතයට නොගැනීමේ තීරණයක්

vipula Wednesday, 13 March 2019 08:58 AM

කමිටු වාර්තා නැහැ. ගන්න ඕනේ තීන්දුව ක්ෂණිකව ගත්තා.

:       0       17

de silva Wednesday, 13 March 2019 11:45 AM

ලංකාවෙනම් මේගැන හොයන්න ජනාධිපති කමිටුවක් පත්කරලා අව්රුද්දක් විතර ප්‍රශ්නේ ඇදගෙන ගිහිල්ල , අපේ ධනය කොටි 10 විතර කාවි , එම රටවල් ගන්න ඕනේ තීන්දුව ක්ෂණිකව ගත්තා.

:       0       9

janahitha Wednesday, 13 March 2019 02:55 PM

පරීක්ෂණ කමිටුවක් දාන්න ඕනේ... මගේ කාර්යාලය කමිටු වාර්තාවලින් පිරිලා ඉතාම දැකුම් කලුයි.

:       0       20

ප්‍රදීප් ගුණරත්න Wednesday, 13 March 2019 03:04 PM

ඔය ඉවත්කරන ගුවන් යානා අඩුවට අරන් වැඩි කොමිස් එකක් ගන්න පුලුවන්ද කියලා දැනටම අපේ පාලකයෝ හොයනවා ඇති..

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2438 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1764 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site