මධ්‍යම මාලියේ හමුදා කඳවුරක් අරමුණු කරගනිමින් එල්ල කළ ප්‍රහාරයකින් සොල්දාදුවන් 21 දෙනෙකු ඝාතනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරය ජිහාඩ්වාදීන් විසින් සිදු කරන ලද්දක් බව සැක පල වී ඇත.
මෙම ප්‍රහාරයයෙන් විශාල හානියක් සිදු වී ඇති බව මාලි රාජ්‍යයේ හමුදා ප්‍රකාශකයෙක් පැවසුවේය.
කාර් වලින් සහ යතුරු පැදි වලින් පැමිණ හමුදා කඳවුරට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
බිහිසුණු ක්‍රියාවන්ට එරෙහිව එක්සත් විය යුතු බව ට්විටර් පණිවිඩයකින් නිකුත් කරමින් මාලේ ජනාධිපති ඉබ්‍රාහිම් මහතා පවසා තිබේ.
මෑත වසරවල දී ඇතිවූ කුමන්ත්‍රණ, සිවිල් යුද්ධය සහ ඉස්ලාමීය ත්‍රස්තවාදී ක්‍රියා නිසා මාලි රාජ්‍යට දැඩි බලපෑම් එල්ල විය.
තස්ත්‍රවාදී ප්‍රහාර වැඩි විමත් සමඟ රටේ ආරක්ෂක තත්ත්වය පිරිහිමට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා මේ මාසයේ ආරක්ෂක කවුන්සිලයට යවා ඇති වාර්තාවක සඳහන් වේ.
ඒ.එෆ්.පී ඇසුරෙනි
63226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd