ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ ඇලුමීනියම් කර්මාන්ත ශාලාවක පැවැති විරෝධතාවයකදී එක් පුද්ගලයෙකු මියගොස් ඇත. විරෝධතාවයේ යෙදුන සේවක පිරිස් හා පොලිසිය අතර ඇතිවූ ගැටුම් වලදී මොහු මියගිය බව කර්මාන්ත ශාලාවේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.
කර්මාන්ත ශාලාවෙන් පිටත විරෝධතාවය පවත්වා ඇති අතර ඇතිවූ ගැටුම් වලින් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවද පැවසේ.කර්මාන්ත ශාලාවේ ආරක්ෂක අංශයේ කිහිපදෙනකු ද තුවාල ලැබූ අය අතර සිටින බව බලධාරීහු පවසති.
මෙම කර්මාන්ත ශාලාව වෙඩන්ටා නම් සමාගමකට අයත් වන අතර එම සමාගමට අයත් තමිල්නාඩු පළාතේ පිහිටි තඹ කර්මාන්තශාලාවක පසුගිය වසරේ සිදුවූ මෙවැනිම විරෝධතාවකදී පොලිසිය සමඟ ඇතිවූ ගැටුම් වලින් 13දෙනකු මියගිය බව මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේවුවද විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධව වැන්ඩේටා සමාගම කිසිවක් සඳහන් කර නොමැත.නමුත් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම ප්‍රදේශයේ පුද්ගලයන්ට කර්මාන්තශාලාවේ රැකියා ලබාදීම ඔවුන්ගේ ඉල්ලීම වූ බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2438
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ පැවැති විරෝධතාවයකින් අයෙක් මරුට