ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ ඇලුමීනියම් කර්මාන්ත ශාලාවක පැවැති විරෝධතාවයකදී එක් පුද්ගලයෙකු මියගොස් ඇත. විරෝධතාවයේ යෙදුන සේවක පිරිස් හා පොලිසිය අතර ඇතිවූ ගැටුම් වලදී මොහු මියගිය බව කර්මාන්ත ශාලාවේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.
කර්මාන්ත ශාලාවෙන් පිටත විරෝධතාවය පවත්වා ඇති අතර ඇතිවූ ගැටුම් වලින් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවද පැවසේ.කර්මාන්ත ශාලාවේ ආරක්ෂක අංශයේ කිහිපදෙනකු ද තුවාල ලැබූ අය අතර සිටින බව බලධාරීහු පවසති.
මෙම කර්මාන්ත ශාලාව වෙඩන්ටා නම් සමාගමකට අයත් වන අතර එම සමාගමට අයත් තමිල්නාඩු පළාතේ පිහිටි තඹ කර්මාන්තශාලාවක පසුගිය වසරේ සිදුවූ මෙවැනිම විරෝධතාවකදී පොලිසිය සමඟ ඇතිවූ ගැටුම් වලින් 13දෙනකු මියගිය බව මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේවුවද විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධව වැන්ඩේටා සමාගම කිසිවක් සඳහන් කර නොමැත.නමුත් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම ප්‍රදේශයේ පුද්ගලයන්ට කර්මාන්තශාලාවේ රැකියා ලබාදීම ඔවුන්ගේ ඉල්ලීම වූ බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd