බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය ඉදිරිපත් කළ යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධ ගිවිසුම දෙවන වරටත් බහුතර ඡන්දයකින් ප්‍රතික්ෂේප වී ඇති බව විදෙස් මාධ්‍ය වරේතා කරයි.
ඒ අනුව ඡන්ද 149 කින් ගිවිසුම් යෝජනාව ප්‍රතික්ෂේප වී ඇත.
ගිවිසුමට පක්ෂව ඡන්ද 242 ක් ද, විපක්ෂව ඡන්ද 391 ක් ද ලැබී ඇත.
මීට පෙර මෙම යෝජනාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද ප්‍රතිශතයකින් පරාජය විය.
එළඹෙන මාර්තු මස 29 වැනිදා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු අතර, එක්සත් රාජධානිය යුරෝපීය සංගමයෙන් ඉවත් කරන නීතිමය යාන්ත්‍රණය දීර්ඝ කරනු ඇතැයි විචාරකයෝ පවසති.
63226
(බීබීසී ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවත් වෙන්නත් ඕනේ... නමුත් වන්දි ගෙවන්නත් කැමති නැහැ.