ගිනි අවි සම්බන්ධ නීති ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති තීරණවලට කැබිනට් මණ්ඩලය එකඟ වී ඇති බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩෙන් මහත්මිය පැවසුවේය.
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකකට කඩා වැදුණු ඕස්ට්‍රේලියානු ජාතිකයකු කළ වෙඩි තැබීමකින් පසුව ගිනි අවි භාවිතය සම්බන්ධ මෙම තීරණය ගෙන ඇත.
දින 10ක් ඇතුළත ප්‍රතිසංස්කරණය කරන නීති සම්බන්ධ නිවේදනය කරන බවත් එළඹෙන සඳුදා යළි රැස්වී මෙම තීරණය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් ඇය පැවසුවාය.
ක්‍රයිස්ට්චර්ච්හි සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනන බවත් නවසීලන්ත ප්‍රජාව වඩාත් ආරක්ෂිතව ජීවත් වන බවට තමන් විශ්වාස කරන බවත් ඇය පැවසුවාය.
රොයිටර් ඇසුරෙනි
63226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු මරණ එක අනුමත නොකරමි, නමුත් මේ කට්ටිය ලෝකයටම තර්ජනයකි. ව්‍යාපෘති, ආක්‍රමණ, මේ අයගේ මුලික හරය වේ. කවදාහරි සුද්දන්ටත් ඇස් ඇරෙන්නේ නහය ලගටම වතුර ටික පිරුණට පස්සේ.
මෙතුමිය මුළුමහත් ලෝකයාට මෙන්ම සමස්ත රාජ්‍ය නායකයන්ටත් එතුමියගේ ආගමික පූජකවරුන්ටත් ස්වකීය තැන්පත් භාවයෙන් සහ ක්‍රියාවෙන් ශ්‍රේෂ්ට පූර්වාදර්ශයක් දීල තියෙන්නේ. ආදරය, කරුණාව සහජයෙන්ම පිහිටි කාන්තාවක බව ලෝක ජනතාව එකම එක දවසකින් වටහා ගත්තා. තමුන්ගේ ජනතාව අතර ජනප්‍රියවීමට. එහෙම නැත්නම් තමුන්ගේ ඡන්ද ගොඩ රැකගැනීමට කුහකකම්, කෛරාටිකකම්වල නොයෙදී අසරණයන්ගේ විපතේදී අවංකවම ශෝකයට පත් මෙතුමිය දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් වඩා බලවත් ලෝක නායිකාවක වෙලා ඉන්නේ... මෙතුමිය නවසීලන්තයට ආඩම්බරයක්... ඇගේ ආගමට ගෞරවයක්... මිනිස් සංහතියට වාසනාවක්...! නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්දා ආර්ඩන්තුමියට අපගේ ප්‍රණාමය!