පාකිස්ථානයේ දුම්රිය මාර්ගයක බෝම්බයක් පිපිරීමෙන් 4 දෙනෙක් මිය ගොස් 10 දෙනෙක් තුවාල ලබා ඇත.
සම්පත් අතින් පොහොසත් බලුකිස්තාන ප්‍රදේශයේ දී මෙම පිපිරීම සිදු වී ඇති අතර වසර ගණනාවක් තිස්සේ බෙදුම්වාදී කැරලිකරුවන් විසින් මෙවැනි සිදුවීම් සිදුකර ඇත.
මෙම පිපිරීමෙන් වයඹදිග නගරයක් වන පාකිස්ථානයේ පෙෂවර් නගරයේ සිට බලුකිස්තානයේ ක්වෙටා නුවර දක්වා ගමන් ගත් දුම්රියක මැදිරි 6ක් පීලිපැන ඇත.
මිය ගිය සිව් දෙනා අතර තරුණියක්, ඇගේ මව සහ තවත් දෙදෙනෙක් සිටීන බව පොලිස් ප්‍රධානියෙක් රොයිටර් පුවත් සේවයට පැවසුවේය.
මෙතෙක් ප්‍රහාරයේ වගකිම කිසිවෙක් බාරගෙන නොමැත. සති දෙකක දී සිදුවූ දෙවන සිදුවීම මෙය වන අතර මීට පෙර සිදුවූ පිපිරීමෙන් කිසිදු හානියක් සිදුවී නොමැත.
බලුකිස්තාන ප්‍රදේශය ප්‍රවාහන සහ බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉතා වැදගත් ප්‍රදේශයක්වේ.
63226
රොයිටර් ඇසුරෙනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd