ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයට වැරැදිකරුවන් වී එරට සිරදඬුවම් විඳිමින් සිටින හත්දෙනා නිදහස් කරන බවත් තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් සියලු දෙනාටම පුරවැසිභාවය ලබාදෙන බවත් එම ප්‍රාන්තයේ ද්‍රවිඩ මුනේත්‍ර කලහම් (ඩී.එම්.කේ) පක්ෂය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් සඳහන් කර ඇත.
තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා ලෙස දෙමළ සිරකරුවන් හත්දෙනා නිදහස් කරන්නැයි තමා ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට බල කර සිටින බව ද මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් එම ප්‍රාන්තයේ මහ ඇමැති එම්.කේ. ස්ටාලින් පැවැසීය.
මහ ඇමැතිවරයා තවත් පොරොන්දුවක් දෙමින් තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික සරණගාතයන් සියලු දෙනාට පුරවැසිභාවය ලබාදෙන බව ද කීය.
ඒ.එන්.අයි සහ බිස්නස් ස්ටෑන්ඩර්ඞ් පුවත් සේවා ඇසුරිනි
ඡායාරූපය ටයිම්ස් ඔෆ් ඉන්දියා
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාට හොඳනම් අපිට කමක් නැහැ.
අපේ මැතිවරණ තවම පටන් ගත්තේ නැහැ. අපේ අයටත් ඉන්නවා සිර කරගෙන ඉන්න කුඩු කාරයෝ, මිනීමරුවෝ, නිදහස් කරගන්න මෙයාලා. ඔබ වගේ රජයෙන් ඉල්ලන්නේ නැහැ නිදහස් කරන්න. බලයට අාව ගමන් එයාලගේ හිතවත් කට්ටිය නිදහස් කර ගන්නවා. මේ ගොල්ලෝ තමයි. ලොක්කෝ ඒ කට්ටිය කරන දේවල් මාධ්‍යයට දුන්නොත්... සුදු වෑන් එකෙන් තමයි යන්න වෙන්නේ. නැවත නොඑන්න මොවුන් ටික දැනටමත් ලෑස්තිවෙලා ඉන්නේ. හිතන් ඉන්නේ බලයට එන්න පුළුවන් කියලා...