IMG-LOGO

ට්‍රම්ප් ආරක්ෂක වියදම් සියයට 4ක් ඉහළ නංවයි

ලබන වසර සඳහා අයවැය ඉදිරිපත් කරමින් ආරක්ෂාව සඳහා කෙරෙන වියදම සියයට 4කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 750ක් දක්වා ඉහළ දැමීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇත. 

ලබන වසර සඳහා අයවැය යෝජනා ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් අද (11) ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිතය. 

ආරක්ෂාව සඳහා කෙරෙන වියදම් සියයට 4කින් ඉහළ නංවමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 750ක් දක්වා වැඩි කිරීමටත් විදෙස් ආධාර ඇමෙරිකානු ඩොලර් බිලියන 13කින් අඩු කිරීමටත් නීතියෙන් නියම කර ඇති වියදම් වසර දහයක කාලයක් සඳහා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.9කින් කපා හැරීමටත් ඇමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි නිලධාරියෙක් කීය. 

ලබන වසර සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා යෝජනා කර ඇති සම්පූර්ණ මුදලේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 4.746 වන අතර එය පසුගිය වසර හා සැසඳීමේදී සියයට 5ක වර්ධනයක් යැයි ද පැවසේ. 

එමෙන්ම 2020 වසර සඳහා ඉදිරිපත් කෙරෙන අයවැයෙන් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට වෙන් කර ඇති මුදල සියයට 23කින් ද, සුබසාධන වැඩසටහන් සඳහා වෙන් කරන මුදල ඩොලර් බිලියන 22කින් ද , ආහාර මුද්දර (අඩු මුදලට ආහාර ගැනීමට ලබාදෙන වචුචර් පත්) සඳහා වෙන් කෙරෙන මුදල ඩොලර් බිලියන 17කින් අඩු කිරීමට ද ඇමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි පැවසේ. 

රොයිටර් ඇසුරිනි 

055

 



අදහස් (0)

ට්‍රම්ප් ආරක්ෂක වියදම් සියයට 4ක් ඉහළ නංවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1465 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 534 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 601 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site