සූඩානයේ ගැටුම්වලින් 19ක් මරුට - 219කට තුවාල සුඩාන විරෝධී කැරලි මර්දන පොලීසිය හා විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 28 December 2018
පකිස්තානයේ හිටපු ජනපතිට රටයන්න තහනම් පකිස්තානයේ හිටපු ජනාධිපති අසීෆ් අලී සර්දාරි මහතාට විදේශ ගතවීම තහනම් කිරිමට එරට අධිකරණය නියෝග කර තිබේ. ව්‍යාජ බැංකු ගිණුම් 172 කින් මුදල් විශුද්ධිකරණය කළැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත. 28 December 2018
ට්‍රම්ප්ට ඉරාක නායකයන්ගෙන් චෝදනාවක් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරාකයේ ස්වෛරීභාවය උල්ලංඝණය කර ඇතැයි එරට දේශපාලන සහ හමුදා නායකයෝ චෝදනා කරති. 27 December 2018
තමිල්නාඩුවේ ගැබිනි මවකට එච්.අයි.වී. ආසාදිත රුධිරය පාරවිලයනය කරලා ගැබිනි මවකට එච්.අයි.වී. ආසාදිත රුධිරය පාරවිලයනය කර ඇති බවත් ඇයට ඉතා ඉහළ සහ කඩිනම් ප්‍රතිකාර සිදු කිරීම ආරම්භ කර ඇති බවත් තමිල්නාඩු ප්‍රාන්තයේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ ලේකම් ජේ. රාජක්‍රිෂ්ණන් පැවැසීය. 27 December 2018
ඕස්ට්‍රේලියාවේ මහල් 38 ක ගොඩනැගිල්ලක ඉරිතැලීමකින් ජනතාව ඉවත් කරයි ඕට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි මහල් 38 කින් යුතු ගොඩනැගිල්ලක බිත්තියක් ඉරිතැලිම හේතුවෙන් ගොඩනැගිල්ලේ සිටි ජනතාව ඉවත් කර ඇත. 27 December 2018
සිරියානු ජනාධිපති ජනප්‍රියම නායකයා බව පුටින් කියයි සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ජනප්‍රියම නායකයා බව නැවත තේරී පත්විය හැකි බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මහතා පවසයි. 27 December 2018
පාකිස්ථානයේ හිටපු නීති සම්පාදකයෙකු වෙඩි ප්‍රහාරයකින් මරුට පාකිස්ථානයේ හිටපු නීති සම්පාදකයෙකු වන සිඩ් අලි රාසා අබිඩි මහතා නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇත. 27 December 2018
වියට්නාම ජාතිකයන් 152 දෙනෙකු අතුරුදන් සංචාරක වීසා බලපත්‍ර මත එරටට පැමිණි වියට්නාම ජාතිකයන් 152 දෙදෙනෙකු අතුරුදන් වී ඇති බව තායිවාන බලධාරීහු පවසති. 27 December 2018
ට්‍රම්ප්-මෙලානියා ඉරාකයේ සංචාරයක ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා සහ ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප් ඉරාකයේ සංචාරයක නිරත වූහ. 27 December 2018
ඇෆ්ගනිස්ථාන ජනපතිවරණය කල් දමයි අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණය මාස කිහිපයකට කල් දැමීමට සිදු වූ බව ඇෆ්ගනිස්ථාන මැතිරවරණ කොමිසම පවසයි. 27 December 2018
පියවරුන් අහිමි දියණියන්ට නත්තල් දා මංගල සීනු පියවරුන් අහිමි දියණියන් විශාල පිරිසක් විවාහ කරදුන් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ. 26 December 2018
ට්‍රම්ප් ගෙනා විසා ප්‍රතිපත්තියට එරෙහිව විශ්ව විද්‍යාල 65ක් අධිකරණයට ලෝ ප්‍රකට හාවඞ් සහ එම්.අයි.ටී ඇතුළු ඇමෙරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාල 65ක් ට්‍රම්ප් පරිපාලනය විදෙස් සිසුන්ට බලපාන අයුරින් ගෙන ඇති වීසා ප්‍රතිපත්තිය අභියෝගයට ලක් කරමින් අධිකරණයට යෑමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 26 December 2018
‘‘ගැටුම් අවසන් කර සංහිඳියාව ස්ථාපිත කළ යුතුයි‘‘ වෙනස්කම් සහ විවිධත්වය අනතුරක් ලෙස නොදැක පොහොසත්කමේ මූලාශ්‍රයක් ලෙස දැකීමට ජනතාව උත්සුක විය යුතු බවත් ලොව තැන තැන තිබෙන ගැටුම් අවසන් කර සංහිඳියාව සහ ප්රතිසන්ධානය ස්ථාපිත කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව පියවර ගත යුතු බවත් අති උතුම් ශුද්ධෝත්තම පාප්තුමෝ කීහ. 26 December 2018
තායිවානයට ඇතුළු වූ වියට්නාම ජාතිකයන් 152ක් අතුරුදන් සංචාරක වීසා මගින් පසුගිය සතියේ තායිවානයට ඇතුළු වූ වියට්නාම ජාතිකයන් 152දෙනකු අතුරුදන්ව ඇතැයි බලධාරීහු පවසති. 26 December 2018
රුසියාවෙන් යුක්රේනයට තවත් සම්බාධක යුක්රේනය සම්බන්ධයෙන් පනවා තිබූ ආර්ථික සම්බාධක තවදුරටත් පුළුල් කිරීමට රුසියාව තීරණය කර ඇත. ඒ අනුව පුද්ගලයන් 250 කට වැඩි පිරිසක් සහ ව්‍යාපාර කිහිපයක් අසාදු ලේඛනයට ඇතුළත් කරමින් පළමු වතාවට මෙම තීරණය ගැනීම නොවැම්බර් මාසයේ ආරම්භ කර ඇත. 26 December 2018
චීනයේ රසායනික බලාගාරයක පිපිරීමකින් 3ක් මරුට - 6කට බරපතලයි චීනයේ වයඹ දිග ෂිංජියෑංහි රසායනික බලාගාරයක පිපිරුමකින් තිදෙනකු මියගොස් හයදෙනකු බරපතල ලෙස තුවාල ලබා ඇතැයි චීන මාධ්‍ය වාර්තා කර ඇත. 26 December 2018
හෙලිකොප්ටර් අනතුරකින් මෙක්සිකෝවේ ආණ්ඩුකාරවරියක් මරුට හෙලිකොප්ටර් අනතුරකින් මෙක්සිකෝවේ පුවෙබ්ලා ප්‍රාන්තයේ නව ආණ්ඩුකාරවරිය වන මාර්තා එරිකා අලොන්සෝ මහත්මිය මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. 26 December 2018
ඊශ්‍රායලයේ නව මහ බැංකු අධිපති මහාචාර්ය අමීර් යාරෝන් ඊශ්‍රායලයේ නව මහ බැංකු අධිපතිවරයා ලෙස මහාචාර්ය අමීර් යාරෝන් පත් කර ඇත. යාරෝන් ඇමෙරිකා එක්සත් ජනපද මූල්‍ය පිළිබඳ මහාචාර්යවරයෙකි. 24 December 2018
සත් හැවිරිදි ‘ස්චිලර්‘ ඕස්ට්‍රේලියානු පිලේ නායකත්වයට ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන බොක්සිං දින ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සම නායකත්වයට සත් හැවිරිදි ආච් ස්චිලර් නම් කර තිබේ. 24 December 2018
පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට වසර 7ක සිර දඬුවමක් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතාට එරට දූෂණ විරෝධී අධිකරණයක් මගින් අද (24) වසර හතක සිර දඬුවමක් නියම කළේය. 24 December 2018
ලොව උසම ප්ලාස්ටික් නත්තල් ගස මෙක්සිකෝවෙන් ප්ලාස්ටික් බෝතල් යොදා ගනිමින් ලොව උසම නත්තල් ගස මෙක්සිකෝව විසින් නිර්මාණය නිර්මාණය කරනු ලැබ තිබේ. 24 December 2018
කොළොම්බියාවේ ගරිල්ලා සටන් නායකයෙක් මරුට කොළොම්බියාවේ ගරිල්ලා සටන් නායකයෙක් ඝාතනයට ලක් වී ඇතැයි එරට ජනාධිපති අයිවන් ඩුකේ මහතා පවසයි. 23 December 2018
නේපාලයේ බස් අනතුරකින් 23 දෙනෙකු මරුට බටහිර නේපාලයේ සිදුවූ බස් රථ අනතුරකින් 23 දෙනෙකු මියගොස් ඇතැයි එරට පොලිසිය පවසයි. 23 December 2018
‘ට්‍රම්ප් පරිපාලනයේ’ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්’ ඇමෙරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව අතර දේශසීමාව හරහා නීතිවිරෝධීව ඇමෙරිකාවට පැමිණෙන කිසිදු සංක්‍රමණියකුට රැකවරණ ලබානොදීමට ‘ට්‍රම්ප් පරිපාලනය’ ගන්නා ලද තීරණයට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී ඇත. 23 December 2018
අසාන්ජේට නිදහසේ ඉන්න දෙන්න’යි ඉල්ලීමක් විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජේට අත්අඩංගුවට ගැනීමේ හෝ උදර්පණය කිරීමේ බියකින් හා සැකයකින් තොරව ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටත්ව යෑමට ඉඩ ලබා දෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බ්‍රිතාන්‍ය බලධාරීන්ට දන්වා අත්තනෝමතික ලෙස රඳවාගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ක්රියාකාරීකමිටුව 2016 වසරේ පෙබරවාරි මාසයේදී වාර්තාවක් ඉදිරිපත් කළ අතර ජූලියන්ට අසාන්ජේට එරෙහිව කිසිදු චෝදනාවක් නැතැයි සඳහන් කළේය. 23 December 2018
පුටින් යළි විවාහ වීම ප්‍රතික්ෂේප නොකරයි ඉදිරියේදී තමන් විවාහ වනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවැසීය. එහෙත් විවාහ වන්නේ කවුරුන් සමඟ යැයි ද ඔහු අනාවරණය නොකළේය. 22 December 2018
ඩ්‍රෝනයක් නිසා කැළඹූණු ගැට්වික් ගුවන් තොටුපළ යළි විවෘත කරයි ඩ්‍රෝන යානාවක් සැරිසැරීම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළ යළි විවෘත කර තිබේ. 21 December 2018
ට්‍රම්ප් - පුටින් ඍජු සාකච්ඡා පැවැත්වීමට සූදානම් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ ඍජු සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා පැවසුවේය. 21 December 2018
චෙක් ජනරජයේ පතලක පිපිරුමකින් 13 ක් මරුට චෙක් ජනරජයේ ගල් අඟුරු පතලක ඇති වු පිපිරිමකින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 21 December 2018
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි ඇමෙරිකා එක්සත් ජාතික ජනපදයේ ආරක්ෂක ලේකම් ජනරාල් ජේම්ස් මැට්ස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. 21 December 2018
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026