එංගලන්තයේ තේම්ස් නදී ඉවුරෙන් නවශිලා යුගයට අයත් හිස් කබලක් හමුවූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
වසර 5,600ක් ඉපැරණි මෙම හිස්කබල වයස අවුරුදු 18ක් පමණ වන පුරුෂයකුට අයත් බව විමර්ශකයෝ පවසති.
මෙම ආදි මානවයා ගොවියකු මිස දඩයක්කරුවකු නොවන බවත් නවශිලා යුගයෙන් පසු ගොඩනැගිලි සහිත ගොවිපළවල් ඔවුන් භාවිත කළ බවට සාධක දැනට පවතින බවත් ඉතිහාසඥයෝ පෙන්වා දෙති.
එංගලන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් විකිරණ කාබන් පරීක්ෂණ වාර්තාවට අනුව හිස්කබල නව ශිලා යුගයට ආසන්න කාලයකට අයත් බව හඳුනාගෙන ඇති බවත් වාර්තා වේ.
මඩ, කැලි කසළ ආදිය පීරා බලමින් එහි වටිනා ද්‍රව්‍ය සොයාගන්නා පිරිසක් විසින් මෙම හිස්කබල සොයාගෙන ඇත.
===========
(බී බී සී ඇසුරිනි)
16844
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
නවශිලා යුගයට අයත් හිස් කබලක් තේම්ස් නදී ඉවුරෙන් හමුවේ