IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සාමය පවත්වාගන්න’යි ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්

( තිළිණි ද සිල්වා )
 

 

ඉන්දියාවේ පුල්වමාහිදී මධ්‍යම අතිරේක පොලිස් බළකා (සීආර්පීඑෆ්) රථ පෙළකට එල්ල වූ තිරශ්චීන ත්‍රස්තවාදී ප්‍රහාරය සහ ඉන් අනතුරුව හටගත් මෑතකාලීන සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය අද (27) නිවේදනය කළේය.
 
 
එබැවින් සමස්ත කලාපයේම ආරක්ෂාව, සාමය හා ස්ථාවරබව සහතික වන ආකාරයකින් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන්ඉල්ලා සිටින බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
 
 
පුල්වමා ත්‍රස්තවාදී ප්‍රහාරය සහ ඊට පසුගාමීව බලාකොට්වෙත ඉන්දියාව විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් වූ නිවේදනයක් නිකුත් විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව කියා සිටී.
 
 
එම නිවේදනයේ මෙසේද සදහන් වේ.
 
 
ඉන්දියාවේ පුල්වමාහිදී මධ්‍යම අතිරේක පොලිස් බළකා(සීආර්පීඑෆ්) රථ පෙළකට එල්ල වූ තිරශ්චීන ත්‍රස්තවාදී ප්‍රහාරය සහ ඉන් අනතුරුව හටගත් මෑතකාලීන සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටියි. 
 
 
දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ත්‍රස්තවාදී උවදුරෙන් පීඩාවට පත් රටක් වශයෙන් ශ්‍රී ලංකාව පුල්වමාහිදී සිදු වූ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය ඉතා 
 

 
පැහැදිලි ලෙස හෙළා දුටු අතර, ත්‍රස්තවාදයේ සියලු ස්වරූප හා විද්‍යමානවීම්වලට එරෙහිව කෙරෙන්නා වූ සංග්‍රාමයට  සිය තිර සහයෝගය ලබා දෙයි. 
 
 
 
දකුණු ආසියා කලාපයේ සාමයට හා ස්ථාවරබවටත්, ද්විපාර්ශ්වික ගැටලු සංවාදය හා විශ්වාසය ගොඩනැංවීම මඟින් විසැඳීම ඇතුළු නොසන්සුන්කාරීබව සමනය කරන සියලු ප්‍රයත්නවලටත්ශ්‍රී ලංකාව සිය දැඩි සහයෝගය පළ කරයි.
 
 
 
මෙම සන්දර්භය තුළ, සමස්ත කලාපයේම ආරක්ෂාව, සාමය හා ස්ථාවරබව සහතික වන ආකාරයකින් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන්ඉල්ලා සිටියි.



අදහස් (0)

සාමය පවත්වාගන්න’යි ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2436 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1764 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site