නීතිවිරෝධී ලෙස ඇත්දළ රඳවා තබාගෙන සිටි ‘ඇත්දළ රැජින’ නැමැති චීන ජාතික ව්‍යාපාරික කාන්තාවකට 15 වසරක සිරදඬුවමක් නියම කිරිමට ටැන්සානියානු අධිකරණය නියම කළේය.
මෙලෙස සිරදඬුවම් නියම කෙරුණේ 69 හැවිරිදි යාන් ෆෙන්ග්ලන් නැමැති චීන ජාතික ව්‍යාපාරික කාන්තාවකටය.
ඇය අවුරුදු 8 ක සිට මෙම ඇත්දළ ජාවාරම සිදුකරගෙන ගොස් තිබේ. ඇතුන් 400 කට ඇත්දළ ඇය සතුව තිබී සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් වන බවයි.
පසුගිය දශකය තුළ අප්‍රිකානු ඇතුන්ගේ ජනගහණය 20% කින් අඩුවී ඇති බව අප්‍රිකානු අලි ඇතුන් සංරක්ෂණය කිරිමේ ජාත්‍යන්තර සංගමය පවසයි.
විසිතුරු භාණ්ඩ සහ ආභරණ සෑදීම ඇත්දළ බහුලම යොදා ගනු ලබන අතර චීනය හා නැගෙනහිර ආසියානු කලාපීය රටවලින් මෙම නීතිවිරෝධී වෙළඳාම සඳහා වැඩි ඉල්ලුමක් පවතී.
අල්ජසීරා ඇසුරෙනි
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd