නයිජීරියා වත්මන් ජනාධිපති මොහොමදු බුහාරි මහතා නැවතත් ජනාධිපති ලෙස තේරී පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහුගේ ප්‍රතිවාදියා ලෙස තරග කර නයිජීරියා හිටපු උප ජනාධිපති ඇටිකු අබුබකාර් මහතාට වඩා මිලියන තුනකට වඩා ඡන්ද ලබා ගනිමින් දෙවන වරටත් ජනාධිපති ධූරයට පත්විය.
මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කළ අබුබකාර් මහතා මැතිවරණ අක්‍රමිකතා සහිත වූ බවට චෝදනා කර ඇත.
එහෙත් මැතිවරණයයේදී වංචා, දූෂණ සිදු නොවූ බව ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
ඔහුගේ පාලන කාලය තුළ නයිජීරියාවේ විදුලිය හිඟය, දූෂණය, ආරක්ෂක තර්ජන සහ ආර්ථික පසුබෑම වැනි ගැටලු කෙරේ අවධානය යොමු කරන බවට ජනාධිපති මොහොමදු බුහාරි මහතා පොරොන්දු වී ඇත.
(බී බී සී ඇසුරෙනි)
63226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd