මියන්මාර අත්අඩංගුවේ සිටින රොයිටර්ස් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනා වන වා ලෝන් සහ යෝව් සෝ ඕ ට ඇමෙරිකා එක්සත් ජනපදයේ ගෞරවාන්විත සම්මානයක් වන ‘ජෝර්ජ් පෝක්’ සම්මානය හිමි ව තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටි ‘ලෝන්ග් අයිලන්ඞ්’ විශ්ව විද්‍යාලය වාර්ෂිකව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ අගයමින් ‘ජෝර්ක් පෝක්’ සම්මාන පිරිනමයි.
එම සම්මානවලින් වා ලෝන් සහ යෝව් සෝ ඕ ට හිමිවූයේ ‘විදෙස් වාර්තාකරණය’ සඳහා හිමි ‘ජෝර්ජ් පෝක්’ සම්මානයයි.
මහජන ලැදියාව උදෙසා ගවේෂණාත්මක ජනමාධ්‍යකරණයේ යෙදෙමින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උදෙසා කරන ලද සුවිශේෂී සේවයත් ක්ෂේත්‍රය තුළින් ලබාගන්නා ලද විශේෂ ජයග්‍රහණත් යන කරුණු සලකා බලමින් ඊට ගෞරව කිරීමක් ලෙස ‘ජෝර්ජ් පෝක්’ සම්මාන පිරිනමයි.
මියන්මාර හමුදා රකීන් ප්‍රාන්තයේ රොහින්ජා වැසියන් සමූල ඝාතනය කරන බවට ලොවට හෙළි කරන ලද්දේ රොයිටර්ස් පුවත් සේවයේ වා ලෝන් සහ යෝව් සෝ ඕ ය. මියන්මාර රජයේ හමුදා බටහිර මියන්මාරයේදී රොහින්ජා තරුණයන් ඇතුළු පිරිමි පිරිසක් ඝාතනය කළ බව ලොවට අනාවරණය කරන ලද්දේ ඔවුන් දෙදෙනාය. ඔවුන් දෙදෙනාට සම්මානය හිමි වූයේ ‘මියන්මාරයේ සංහාරය (මැසකර් ඉන් මියන්මාර්)’ යනුවෙන් කරන ගවේෂණාත්මක වාර්තාකරණය සඳහාය.
වා ලෝන් සහ යෝව් සෝ ඕ අත්අඩංගුවට පත්වූයේ එම පුවත් වාර්තාව සකසමින් සිටියදීය. ඔවුන් දෙදෙනා මේ වනවිට වසරකට වැඩි කාලයක සිට අත්අඩංගුවේ පසුවෙති. රාජ්‍ය රහස් සොරකම් කළ බවටත් ඒවා එළිදරවු කළ බවටත් මියන්මාර රජයෙන් වා ලෝන් සහ යෝව් සෝ ඕ ට චෝදනා එල්ල වූ අතර ඔවුන් දෙදෙනාට එරෙහිව පැවැති නඩුව මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ඉතිහාසයේ පැවැති ඉතිහාස නඩු විභාගයක් බවට පත්විය.
යටත්විජිත සමයේ රාජ්‍ය රහස් පනතක් යටතේ වා ලෝන් සහ යෝව් සෝ ඕ ට නඩු පවරන ලද පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී නඩු විභාගය පැවැත්විණි.
නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් වූ අතර එය ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව රොයිටර්ස් පුවත් සේවය මියන්මාරය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත් කළේය.
රොයිටර්ස් පුවත් සේවයේ මියන්මාර වාර්තාකරුවන් දෙදෙනා වා ලෝන් සහ යෝව් සෝ ඕ මේ වනවිට ‘ජෝර්ජ් පෝක්’ සම්මානයට අමතරව ලෝ ප්‍රකට හා ගෞරවාන්විත සම්මාන රැසකට හිමිකම් කියති.
රොයිටර් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd