IMG-LOGO

සෞදි ඔටුන්න හිමි කුමරු ඉන්දියාවේ ආයෝජනය කිරීමට සූදානම්

ඉන්දියාව තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට වැඩි ආයෝජන අවස්ථා තිබෙන බවත් ඒවායේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බවත් සෞදි අරාබියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු අද (20) පැවැසීය.

පාකිස්තානය සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියන 20 ආයෝජන ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් අනතුරුව ඔටුන්න හිමි කුමරු ඉන්දියාවට පැමිණියේ අසල්වැසි රටවල් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන මොහොතකය. 

සෞදි අරාබියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි පළමු අවස්ථාව මෙය විය. 

මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දීය හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමත් ඉන්දියාව සහ පාකිස්තානය අතර අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබේ. ප්‍රහාරයේ වගකීම් ජායිෂ් ඊ මොහොම්මද් ත්‍රස්ත සංවිධානය බාරගත්තේය. එහෙත් පාකිස්තාන රජය සහ එරට බුද්ධි අංශය වන අයි.එස්.අයි. සංවිධානය ප්‍රහාර පිටුපස සිටින බව ඉන්දියාව චෝදනා කරයි. මේ තත්ත්වය මත සෞදි අරාබිය පාකිස්තානයට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික පියවර ගනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු වේ.

එනමුත් පාකිස්තානය සහ සෞදි අරාබිය ජාත්‍යන්තර දේශපාලනය තුළ මිත්‍ර රටවල් දෙකකි. කෙසේ වුවත් ඉන්දියාව සෞදි කුමරුන් පිළිගනු ලැබුවේ රතු පළස එළමිනි. 

මාධ්‍යවේදී ජමාල් කශොග්ජි ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබිය සහ ඔටුන්න හිමි කුමරු බටහිර රටවල අමනාපයට ලක්ව සිටී. 

ත්‍රස්තවාදය පරාජයට පත් කිරීම සඳහා සෞදි අරාබිය ඉන්දියාව සමඟ තොරතුරු බෙදාහදා ගැනීමට සූදානම් යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ඒකාබද්ධ පුවත් සාකච්ඡාවක් පවත්වමින් ඔටුන්න හිමි සල්මාන් කුමරු පැවැසීය. 

රොයිටර් ඇසුරිනි

055

 



අදහස් (0)

සෞදි ඔටුන්න හිමි කුමරු ඉන්දියාවේ ආයෝජනය කිරීමට සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1495 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 541 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 610 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site