කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන දෙවැනි සාකච්ඡාවට සහභාගී වීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වියට්නාමයේ හැනෝයි නුවර බලා අද (24) ගමන් ඇරඹීය.
උතුරු කොරියානු නායකයා වියට්නාමයේ හැනෝයි නුවර බලා ගමන් ගන්නේ දුම්රියෙනි. එම දුම්රිය චීනය හරහා ගමන් ගනී.
ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර හමුව පෙබරවාරි මස 27 සහ 28 යන දෙදින පැවැත්වෙන අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් සවිස්තර විස්තර කිසිවක් ප්‍රකාශයට පත් කර නොමැත.
ට්‍රම්ප් සහ කිම් ජොන් උන් හැනෝයි නුවරදී මුණ ගැසෙන්නේ සිය ඓතිහාසික සිංගප්පූරූ හමුවෙන් මාස අටකට පසුය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර පසුගිය වසරේ ජූනි මාසයේදී එම හමුව පැවැත්විණි. ඇමෙරිකා ජනාධිපතිවරයකු සහ උතුරු කොරියානු නායකයකු අතර හමුවක් පැවැති පළමු අවස්ථාව එය විය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර සිංගප්පූරුවේ පැවැති හමුවෙන් පසු කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය සීමිත යැයි පැවසේ. ඒ නිසා නායකයන් දෙදෙනා අතර මෙවර හමුවේදී උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩසටහන් අත්හැරීම කෙරෙහිත් ඇමෙරිකාව ඒ වෙනුවෙන් උතුරු කොරියාවට සහන ලබාදීම කෙරෙහිත් අවධානය යොමු කරනු ඇතැයි වාර්තා වේ.
රොයිටර් ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2436
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප් සමඟ සාකච්ඡාවට කිම් ජොන් වියට්නාමයට