යේමනයේ උතුරු දිග හජා පළාතේ කුෂාර් දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපයේ එල්ලවූ ගුවන් ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 22දෙනෙකු මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
මියගිය අය අතර කුඩා දරුවන් 12දෙනකු ද කාන්තාවන් 10දෙනකු ද සිටින බව සඳහන් වේ.
සිදුවූ අනතුරු වලින් 30දෙනකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූ දරුවන් ඇබ්ස් හා සනාහි රෝහල් වෙත ප්‍රතිකාර සඳහා යැවූ බව බලධාරීහු පවසති.
සවුදි ඒකාබද්ධ සංවිධානය විසින් ගුවන් ප්‍රහාර එල්ල කළ බව මාධ්‍ය සඳහන් කර ඇත.
යේමනයේ ක්‍රියාත්මක හවුති කැරලිකරුවන් ඉලක්ක කරගෙන 2015 වර්ෂයේ සිට සවුදි ඒකාබද්ධ සංවිධානය මෙලෙස ගුවන් ප්‍රහාර එල්ල කරති.
එම ගුවන් ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් ද මියයන නමුත් එය ඕනෑකමින් සිදු කරන්නක් නොවන බව ඔවුහු පවසති.
හවුති කැරලිකරුවෝ 2014 වර්ෂයේ සිට යේමනයේ අගනුවර වන සනා අත්පත් කරගෙන සිටිති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2438
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යේමනයේ ගුවන් ප්‍රහාරවලින් 22දෙනෙක් මරුට