මෙක්සිකෝවේ දකුණු දිග චියැප්ස් ප්‍රාන්තයේ ග්වාතමාලා දේශසීමාව ආසන්නයේ අධිවේගී මාර්ගයක ගමන් ගත් බඩු ප්‍රවාහණ ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් එහි සිටි 25දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙම අනතුරින් 30දෙනකු පමණ තුවාල ලබා ඇත. කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුවී ඇතැයි බලධාරීහු පවසති.

මියගිය අයගේ අනන්‍යතාවය හෙළිකර නැති නමුත් ඔවුන් මධ්‍යම ඇමරිකානුවන් බව පොලිසිය සඳහන් කර ඇත.
ඇමරිකාවට ඇතුල්වීමට පැමිණෙන සරණාගතයින්ගේ ප්‍රධාන හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස චියැප්ස් ප්‍රසිද්ධියක් උසුලන අතර විශේෂයෙන් ග්වාතමාලාව, හොන්ඩ්‍යුරාස් සහ එල්සැල්වදෝර් සිට සරණාගතයන් පැමිණෙන බව පැවසේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)