නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයේ සිදු වූ ඩෙවිතැබීම සම්බන්ධ වීඩියෝ දර්ශන මිලියන 1.5ක් ප්‍රහාරය සිදු වී පැය 24 ක් තුළ ඉවත් කළ බව ෆේස්බුක් ආයතනය පවසයි.
තවත් වීඩියෝ දර්ශන මිලියන 1.2 පමණ ප්‍රචාරය කිරිම අවලංගු කර ඇත.
වෙඩිතබා ඝාතනය වූ පිරිසට අගෞරව වන ආකාරයේ වීඩියෝ දර්ශන ඉවත් කළ බව ෆේස්බුක් ආයතනය සඳහන් කරයි.
මේ වන විට නවසීලන්ත පල්ලියේදී සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම සිදුවීමේ ප්‍රචාරණ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනය සමඟ සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය බව නවසිලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් මහත්මිය පැවසුවාය.
(63226)
රොයිටර් ඇසුරෙනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම රටවැසියන්ගේ ආත්මගරුත්වය වෙනුවෙන් පෙනී සිටිනා රාජ්‍ය පාලනයක් කෙතරම් ගෞරවනීයද? ලංකාවේ නම්, කඳ-බඩ පමණක් ඇති පාලකයින්ගෙන් කිනම් සෙතක්ද?
ඉතින් රජින්ද අපිම නේද මොවුන් පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ. එයාලා යවපු අය තමා එහෙම වැඩ කරන්නේ. රටේ ජනතාවගෙන් වැඩි බහුතරය කවදා හෝ එහෙම හිතන දවසක අපිත් සංවර්ධිත වේ.