ඊශ්‍රායලයේ තෙල් අවිව් නුවරට එල්ල කරන ලද රොකට් ප්‍රහාර දෙකට පිළිතුරු වශයෙන් ගාසා තීරයේ පලස්තින ත්‍රස්ත ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළබව ඊශ්‍රායල බලධාරීහු පවසති.
2014 වර්ෂයෙන් පසු ඊශායල නගරයක් ඉලක්ක කරගෙන රොකට් ප්‍රහාර එල්ල වූ ප්‍රථම අවස්ථාව වන බවත් ජීවිත හෝ දේපල හානි සිදු නොවූ බවත් පැවසේ.
ගාසා තීරයට එල්ල කරන ලද ප්‍රහාර වලින් හතරදෙනකු තුවාල ලබා ඇති අතර හමාස් සංවිධානයේ ත්‍රස්ත මූලස්ථානයක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කර ඇත.
හමාස් ත්‍රස්ත ඉලක්ක 100කට පමණ පහර දුන් බව ඔවුහු තහවුරු කරති.කෙසේ වුවද තෙල් අවීව් නුවරට එල්ල කළ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිම ත්‍රස්ත සංවිධානයක් විසින් බාරගෙන නැත.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd