වසර 2020 වනවිට “අන්ත දුගීබව” රටින් තුරන් කිරීමේ අරමුණ ඉටු කරගැනීමට ඇත්තේ තවත් වසර දෙකක් බැවින් ඊට එරෙහිව සටන් වැදීම සඳහා පියවර ගත යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා පැවැසීය.
“ජයග්‍රහණය සපුරා ගන්නා තෙක් කිසිදු අවස්ථාවකදී පසු නොබැසිය යුතු” යැයි ද ගන්ෂු පළාතේ පැවැති චීන ජාතික පාර්ලිමේන්තුවේ 13 වැනි ජාතික ජනතා කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය අමතමින් චීන ජනාධිපතිවරයා එම කරුණු කීවේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයා ලෙසත් චීන මධ්‍යම හමුදා කොමිසමේ සභාපතිවරයා ලෙසත් ඔහු එම සැසිවාරය ඇමතීය.
“දරිද්‍රතාව අඩු කිරීමේ මානව ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුවහන් කරමින් පසුගිය වසර කිහිපයේදී දරිද්‍රතාවට එරෙහි දුෂ්කර සටනේදී තීරණාත්මක ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා” යැයි චීන ජනාධිපතිවරයා කීවේය.
කාර්යභාරය තවමත් අවසන් නැතැයි ද ඉදිරියේ කළ යුතු කර්තව්‍යය වඩාත් දුෂ්කර යැයි ද චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා කීය. දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව බොහෝ දුක් වේදනාවලින් පීඩා විඳින බව හෙතෙම වැඩිදුරටත් කීවේය.
ෂිංහුවා ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd