ඉන්දු පාකිස්තාන අර්බුදය උග්‍ර අතට හැරුණු පසුගිය සති කිහිපයේදී රටවල් දෙක එකිනෙකාට මිසයිල ප්‍රහාර දියත් කිරීමට සූදානමින් සිටි බව රාජ්‍ය තාන්ත්‍රික මාර්ග අනාවරණය කරයි.
කාශ්මීරයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ඉන්දු පාකිස්තාන අර්බුදය උග්‍ර අතට හැරුණු අතර දෙරට අතර නොසන්සුන්තාව උත්සන්න විය. ඔවුහු එකිනෙකාට ගුවන් ප්‍රහාර ද එල්ල කරගත්හ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ඇතුළු එරට නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් තත්ත්වයකට සමථයකට පත්වූ බවත් එසේ නොවුණා නම් මෙවර තත්ත්වය යුද්ධයකට හැරීමට වැඩි ඉඩ කඩක් තිබූ මෙම සිදුවීම්වලට සම්බන්ධ ආරංචි මාර්ග පහකින් පැවැසුණි.
එක් අවස්ථාවකදී පාකිස්තානයට මිසයිල හයක් එල්ල කරන බවට ඉන්දියාව තර්ජනය කර ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස ඊට තුන් ගුණයකින් ප්‍රතිචාර දක්වන බවට පාකිස්තානය ප්‍රකාශ කර ඇති බවත් නවදිල්ලි, ඉස්ලාමාබාද් සහ වොෂින්ටන් යන නගරවල සිටින බටහිර රටවල රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කළහ.
න්‍යෂ්ටික අවි හිමි අසල්වාසීන් වන ඉන්දියාව සහ පාකිස්තාන අතර අර්බුදකාරී තත්ත්වය එක්වමර උත්සන්න වී යුද්ධයක් දක්වා දුරදිග යෑමට තිබූ අවදානමනේ කාශ්මීරය කොතරම් වැදගත් ද දෙරට අතර කොතරම් එදිරිවාදීකමක් තිබෙන්නේ ද යන්න පෙන්නුම් කරයි. දෙරට අතර අර්බුදයේ මූලික හේතු සාධකයක් වන කාශ්මීරයට රටවල් දෙකම අයිතිවාසිකම් කියන අතර කාශ්මීරය ලොව තිබෙන වඩාත් භයානක ස්ථානවලින් එකක් බව ද පැවසේ.
රොයිටර් ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2438
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාව - පාකිස්තානය එකිනෙකාට මිසයිල ප්‍රහාර දියත් කරන්න සූදානමින් ඉඳලා