ඉතියෝපියානු ගුවන් අනතුරින් පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කෙරෙන ‘බොයිං 737 මැක්ස්’ ගුවන් යානාවලට තමන් ගුවන් සීමාව තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත.
මේ අනුව එම වර්ගයේ ගුවන් යානාවලට හුවමාරු සඳහා හෝ ඉන්දීය ගුවන් සීමාවට ඇතුළු වීමට ඉඩ නොලැබේ.
ග්‍රිනිච් වේලාවෙන් පැය 1030 න් පසු මෙම තහනම ක්‍රියාත්මක වන බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මෙම කාලසීමාව නිවේදනය කරන ලද්දේ ගුවන් යානාවල අලුත් වැඩියා කටයුතු සිදු කිරීමට සහ ජාත්‍යන්තර ගුවන් යානාවලට ඔවුන්ගේ ගමනාන්තවලට පහසුවෙන් ළඟා වීම සඳහා පහසුකම් සැලසීමට යැයි එම අමාත්‍යාංශය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.
බොයිං 737 මැක්ස් ගුවන් යානා සියල්ල ගොඩබැස්සවීමට ද ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඊයේ (12) පියවර ගත්තේය.
බොයිං 737 මැක්ස් 8 ගුවන් යානා භාවිත කරන්නේ ඉන්දියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සමාගම් දෙක වන ජෙට් එයාර්වේස් ලිමිටඞ් සහ ස්පයිසි ජෙට් ලිමිටඞ් යන සමාගම්ය.
රොයිටර් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා දන්නා තරමින් ඇමරිකා ජනාධිපති තහනම් කෙරුවා මේ ගුවන් සේවාව. මීට කලිනුත් මේවගේ අනතුරු වූ නිසා... ජනතාව ගැන කැක්කුමක් තිබෙන නිසා නෙමේ... ඇමරිකාව තහනම් කරපු නිසා..
ඔහොම ගිහින් ඔව්ව ලාබෙට විකුනන්න ගත්තොත් අපටත් එකක් ගන්න?